විහාර මහාදේවි උද්යානයේ සත්යග්රහ භූමිය උණුසුම් වෙයි.. කුරුඳුවත්ත පොලිසියෙන් අධිකරණ නියෝගයක්..
Thursday, 22 October 2026 - 19:23 | Views - 38
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාර මහාදේවි උද්යාන භූමියේ පැවැත්වෙන සත්යග්රහය අතරතුර නොසන්සුන්කාරී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
අදාළ සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කුරුඳුවත්ත පොලිසිය විසින් ලබාගත් අධිකරණ නියෝගයක් රැගෙන පැමිණීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අධිකරණ නියෝගය ඉදිරිපත් කරමින් පොලිස් නිලධාරීන් සත්යග්රහයේ නිරත පිරිසට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති අතර, ඊට සත්යග්රහයේ නිරත පිරිස දැක්වූ විරෝධය හමුවේ එම ස්ථානයේ යම් නොසන්සුන් තත්ත්වයක් ගොඩනැගී තිබෙනවා.
Share This Article