මිනිස් සංහතියටම ලොකු අභියෝගයක්! ලෝක වාර්තාත් බිඳ දැමූ චීනයේ විස්මිත "යකඩ මිනිසා"මෙන්න.
Monday, 20 April 2026 - 12:45 | Views - 233
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග කළ හැකි දැවැන්ත පෙරළියක් සිදු කර තිබෙනවා.

ඒ, බීජිං නුවර පැවැති අර්ධ මැරතන් තරගයකදී මිනිස් වේගය අභිබවා යමින් මානවරූපී රොබෝවරුන් ජයග්‍රහණය කිරීමත් සමඟයි.

ලොවක් මවිත කරමින් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ Honorr සමාගම නිපදවූ මානවරූපී රොබෝවරයායි. කිලෝමීටර් 21ක අර්ධ මැරතන් දුර ප්‍රමාණය මිනිත්තු 50යි තත්පර 26කින් අවසන් කිරීමට මෙම රොබෝවරයා සමත් වුණා.

මෙය දැනට පවතින මිනිස් ලෝක වාර්තාවලටත් වඩා බෙහෙවින් වේගවත්වීම නිසා ක්‍රීඩා ලෝකයම මේ වනවිට දැඩි කම්පනයකට පත්වෙලා තිබෙනවා.

මෙවර තරගයේ තිබූ විශේෂත්වය වන්නේ තරගයට සහභාගී වූ රොබෝවරුන්ගෙන් 40%ක්ම කිසිදු බාහිර පාලනයකින් තොරව ධාවනය වීමයි.

කෘත්‍රිම බුද්ධිය (AI) මගින් තනිවම තීරණ ගනිමින්, පාරේ තිබූ බාධක මගහරිමින් හා මිනිසුන් අතරින් රිංගා යමින් ඉතා සූක්ෂ්ම ලෙස තරගය අවසන් කිරීමට ඔවුන් සමත්වුණා.

පසුගිය වසරේ ජයග්‍රාහී රොබෝවරයා මෙම දුර අවසන් කිරීමට පැය 2යි විනාඩි 40ක් වැය කළත්, වසරක් වැනි කෙටි කාලයක් තුළ රොබෝවරුන්ගේ වේගය මෙතරම් දියුණුවීම විදෙස් මාධ්‍ය හඳුන්වන්නේ අදහාගත නොහැකි විස්මිත ජයග්‍රහණයක් ලෙසයි.
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් දශක ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂක ඔබව හමුවුණු,...
Hiru Tv Blog
කලා ලෝකයේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන, දක්ෂ මෙන්ම ගුණගරුක රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්‍රතිකාර ලබනවා...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top