මිනිස් සංහතියටම ලොකු අභියෝගයක්! ලෝක වාර්තාත් බිඳ දැමූ චීනයේ විස්මිත "යකඩ මිනිසා"මෙන්න.
Monday, 20 April 2026 - 12:45 | Views - 278
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග කළ හැකි දැවැන්ත පෙරළියක් සිදු කර තිබෙනවා.

ඒ, බීජිං නුවර පැවැති අර්ධ මැරතන් තරගයකදී මිනිස් වේගය අභිබවා යමින් මානවරූපී රොබෝවරුන් ජයග්‍රහණය කිරීමත් සමඟයි.

ලොවක් මවිත කරමින් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ Honorr සමාගම නිපදවූ මානවරූපී රොබෝවරයායි. කිලෝමීටර් 21ක අර්ධ මැරතන් දුර ප්‍රමාණය මිනිත්තු 50යි තත්පර 26කින් අවසන් කිරීමට මෙම රොබෝවරයා සමත් වුණා.

මෙය දැනට පවතින මිනිස් ලෝක වාර්තාවලටත් වඩා බෙහෙවින් වේගවත්වීම නිසා ක්‍රීඩා ලෝකයම මේ වනවිට දැඩි කම්පනයකට පත්වෙලා තිබෙනවා.

මෙවර තරගයේ තිබූ විශේෂත්වය වන්නේ තරගයට සහභාගී වූ රොබෝවරුන්ගෙන් 40%ක්ම කිසිදු බාහිර පාලනයකින් තොරව ධාවනය වීමයි.

කෘත්‍රිම බුද්ධිය (AI) මගින් තනිවම තීරණ ගනිමින්, පාරේ තිබූ බාධක මගහරිමින් හා මිනිසුන් අතරින් රිංගා යමින් ඉතා සූක්ෂ්ම ලෙස තරගය අවසන් කිරීමට ඔවුන් සමත්වුණා.

පසුගිය වසරේ ජයග්‍රාහී රොබෝවරයා මෙම දුර අවසන් කිරීමට පැය 2යි විනාඩි 40ක් වැය කළත්, වසරක් වැනි කෙටි කාලයක් තුළ රොබෝවරුන්ගේ වේගය මෙතරම් දියුණුවීම විදෙස් මාධ්‍ය හඳුන්වන්නේ අදහාගත නොහැකි විස්මිත ජයග්‍රහණයක් ලෙසයි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top