සුද්දන් මවිත කළ ඉනිමකින් සිංහයින් තැබූ අමරණීය සලකුණ.. පවන් රත්නායකගේ නම රාවල්පින්ඩි ගෞරව පුවරුවට..
Friday, 23 October 2026 - 19:08 | Views - 52
එංගලන්ත කණ්ඩායමට එරෙහිව පාකිස්තානයේ ප්රසිද්ධ රාවල්පින්ඩි ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැති අතිශය තියුණු තුන්කොන් එක්දින ක්රිකට් තරගයේදී අසමසම ශතකයක් ලබාගනිමින් ශ්රී ලංකා නැගී එන යොවුන් පිතිකරු පවන් රත්නායක ක්රිකට් ඉතිහාසයට අලුත් පිටුවක් එකතු කර තිබෙනවා.
එහිදී, පන්දු 1061කදී අලංකාර හතරේ පහර 15ක් සහ දැවැන්ත හයේ පහර 3ක් ද සමඟින් ලකුණු 130ක අතිවිශිෂ්ට ඉනිමක් ක්රීඩා කිරීමට ඔහු සමත් වූ අතර, මෙම විශිෂ්ට දස්කම හේතුවෙන් ඔහුගේ නම රාවල්පින්ඩි ක්රිකට් ක්රීඩාංගණයේ නිල ගෞරව පුවරුවට (Honours Board) ඇතුළත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබීම විශේෂත්වයක්.
එංගලන්තය ලබාදුන් ලකුණු 430ක අතිදැවැන්ත ඉලක්කය හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම එක්දින ක්රිකට් ඉතිහාසයේ දෙවන ඉහළම සාර්ථක ලකුණු හඹායාම වාර්තා කරමින් මෙම තරගය අභියෝගජනක ලෙස ජයග්රහණය කළ අතර, මෙම අපූරු ජයග්රහණයේ ප්රධාන වගකීම තම අතට ගනිමින් දස්කම් දැක්වූ පවන් රත්නායක මෙම තරගයේ වීරයා සම්මානයෙන් ද අභිෂේක ලැබුවා.
Share This Article