සුනඛ ගහනය ලක්ෂ 32 ද? ලක්ෂ 2 ද? ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් දෙවිදියක කතා.. මැති සබයම මවිත කළ හෙළිදරව්ව..
Saturday, 24 October 2026 - 15:29 | Views - 61
මෙරට සමස්ත සුනඛ ගහනය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් පාර්ලිමේන්තුවේදී එකිනෙකට වෙනස් සහ පරස්පර සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනු ලැබුවා.

ඊයේ (23) පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ, මෙරට වත්මන් සුනඛ ගහනය ලක්ෂ 32 කට ආසන්න බවයි.

ඒ අනුව මෙරට ජනගහනය සමග ගත්විට පුරවැසියන් 07 දෙනෙකුට එක් සුනඛයෙන් පමණ වන මට්ටමේ මෙරට සුනඛ ගහනයක් සිටින බව ඔහු සඳහන් කළා.

එය ඉතා ඉහළ සංඛ්‍යාවක් බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා දැනටමත් ක්‍රමවේදයක් පවතින බවත් ඊට යම් ගාස්තුවක් අය කෙරෙන බවත් සඳහන් කළා.

එහිදී එම සත්ත්වයා විධිමත් ආකාරයට ලියාපදිංචි කළ යුතු බවත්, එහිදී එම සත්ත්වයා වෙනුවෙන් කරපටියක්, හඳුනාගැනීමේ ටැගයක් (Tag), සත්ත්වයාගේ තොරතුරු ඇතුළත් පොතක් එම සතාගේ අයිතිකරු වෙනුවෙන් නිකුත් කරන බව සඳහන් කළ නි. අමාත්‍යවරයා ඒ සඳහා යම් ලියාපදිංචි ගාස්තුවක් අයකරන බවත්, එය බද්දක් නොවන බවත් ඔහු පැවසුවා.

එමෙන්ම, මහමඟ මෙන්ම අනාරක්ෂිතව වෙනත් ස්ථානවල සුනඛයන් අතහැර දමා යන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඩ මුදල් පැනවීමේ අවශ්‍යතාව ද ඔහු මෙහිදී අවධාරණය කළා.

කෙසේ වෙතත්, මෙම මාතෘකාව සම්බන්ධයෙන්ම අදහස් දැක්වූ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන ඊට සම්පූර්ණයෙන්ම වෙනස් සංඛ්‍යාලේඛනයක් ඉදිරිපත් කළ අතර, ඔහු ප්‍රකාශ කළේ මෙරට සමස්ත සුනඛ ගහනය ලක්ෂ දෙකක් පමණ වන බවයි.

රට තුළ පවතින මෙම සුනඛ ජනගහන තත්ත්වය නිසි ලෙස පාලනය කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top