මෙම වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි.. වැඩිම පිරිසක් ඉන්දියාවෙන්.. ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ සිදුවූ අලුත්ම පෙරළිය..
Sunday, 25 October 2026 - 11:28 | Views - 33
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 22 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, එම කාලය තුළ සංචාරකයින් 1,813,484 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

ඔක්තෝබර් මාසයේ පළමු දින 22 තුළ පමණක් සංචාරකයින් 119,805 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි එම දත්තවල දැක්වෙන්නේ.

මේ වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 482,944ක්.

එමෙන්ම, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 169,405 දෙනෙකු ද, චීනයෙන් 120,980 දෙනෙකු ද, ජර්මනියෙන් 102,920 දෙනෙකු ද මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔක්තෝබර් මාසයේ පළමු දින 22 තුළ ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 45,530ක්.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top