ජලභීතිකාව වැළඳී ඇතැයි සැක ගවයෙකුගේ කිරි බීපු ගම්වාසීන්ට අත්වූ ඉරණම.. එකම ගමක 450කට හදිසියේ එන්නත්
Friday, 23 October 2026 - 17:58 | Views - 38
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොරක්පූර් දිස්ත්‍රික්කයේ ගම්මානයකදී, ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි සැක කළ ගවයෙකුගේ කිරිවලින් සකස් කළ බීමක් පානය කළ පුද්ගලයන් 450 දෙනෙකුට ජලභීතිකා එන්නත් ලබාදී තිබෙනවා.

සැක සහිත සුනඛ සපාකෑමකින් පසු එම ගවයා මියගොස් ඇති බවට ඇතිවූ සැකය හේතුවෙන්, දඩි ඛාස් ගම්මානයේ සෞඛ්‍ය අංශය එන්නත්කරණ කඳවුරක් පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

පසුගියදා ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී පුද්ගලයන් 50 දෙනෙකුට පමණ එන්නත් ලබාදී ඇති අතර, පසුදින පැවති කඳවුරේදී තවත් 400 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

එම ගවයාගේ කිරි වෙළෙඳසල් දෙකකට සහ නිවාස කිහිපයකටද බෙදාහැර තිබීම නිසා දඩි ඛාස් සහ අසල්වැසි ගෝවින්ද්පූර් ගම්මානවල ජනතාව අතර කනස්සල්ලක් හටගෙන ඇති බව සඳහන්.

ගවයාගේ හිමිකරු පවසා ඇත්තේ, සත්වයා මියයාමට දිනක් හෝ දෙකකට පෙර සිට අසනීප තත්ත්වයක් පෙන්නුම් කළ බවයි.

පෞද්ගලික පශු වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබාගත් බවත්, පසුව ගවයා අසාමාන්‍ය ලෙස හැසිරෙමින් බුරන්නට පටන් ගෙන පසුගිය අඟහරුවාදා සවස මියගිය බවත්, ඔහු සඳහන් කර තිබෙනවා.

පශු වෛද්‍යවරුන්ට අනුව ගවයාගේ රෝග ලක්ෂණ ජලභීතිකාව පිළිබඳ සැකයක් මතු කළද, රෝග ලක්ෂණවලින් පමණක් එය තහවුරු කළ නොහැකි බව සඳහන්.

ඒ සඳහා පශු වෛද්‍ය පරීක්ෂාවක් සහ සුදුසු පරීක්ෂණ අවශ්‍ය වන බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

කිරි පානය කිරීමෙන් පමණක් ජලභීතිකාව පැතිරෙන බව තහවුරු වී නොමැති අතර, එහෙත් ආසාදිත සතෙකුගේ කෙළ හෝ වෙනත් අවදානම් ද්‍රව්‍ය සමග සම්බන්ධ වූ බවට සැකයක් ඇත්නම්, එන්නත් අවශ්‍යදැයි තීරණය කිරීම සඳහා වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ, කිරි පානය කිරීමට පෙර හොඳින් උණුකර ගන්නා ලෙසත්, අමු කිරි පානය කිරීමෙන් වළකින ලෙසත්.

මූලාශ්‍රය : NDTV
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top