සඳ වටා ගිය ඓතිහාසික ගමන නිමාවෙයි! සඳ ජයගත් Artemis II වීරයෝ සුරක්ෂිතව පෘථිවියට..
Saturday, 11 April 2026 - 10:02 | Views - 369
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ ආසන්නයට ගිය ඓතිහාසික 'ආටෙමිස් 2' (Artemis II) මෙහෙයුම ඉතාමත් සාර්ථකව අවසන් වුණා.

පසුගිය අප්‍රේල් 1 වැනිදා සඳ බලා පිටත් වුණු ගගනගාමීන් සිව්දෙනා, දින 10ක අභ්‍යවකාශ සංචාරයකින් පස්සේ අද අලුයම කැලිෆෝනියාවට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩබැස්සා.

මේ වන විට එම ගගනගාමීන් සිව්දෙනාව සෞඛ්‍ය පරීක්ෂණ හා නිරෝධායනය සඳහා යොමු කරලා තිබෙනවා.

මෙම ගමනේදී ගගනගාමීන් සඳ මත පය තැබුවේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කළේ 'ඔරියොන්' නම් යානය ඇතුළේ ඉඳගෙන සඳ වටා ගමන් කරමින්, සඳේ අපිට නොපෙනෙන අඳුරු පැත්ත ගවේෂණය කිරීමයි.

මෙහිදී ඔවුන් විශේෂ වාර්තාවක්ද තැබුවා. ඒ තමයි, 1970 වසරේ 'ඇපලෝ 13' කණ්ඩායම පෘථිවියේ සිට ගමන් කර තිබූ දුර ප්‍රමාණය වන කිලෝමීටර 400,171 ක් අභිබවා තවත් කිලෝමීටර 6,607ක් ඈතට ගමන් කිරීම. ඒ අනුව ඉතිහාසයේ පෘථිවියේ සිට වැඩිම දුරක් අභ්‍යවකාශයට ගිය මිනිසුන් බවට මොවුන් පත්වුණා.

යානය පෘථිවියට ඇතුළු වෙද්දී පැයට කිලෝමීටර 38,000ක වැනි ඉතා අධික වේගයකින් පැමිණියත්, එය පාලනය කරමින් සාගරයට පතිත කරවීමට ගගනගාමීන් සමත් වුණා.

සඳේ පිටුපස ප්‍රදේශයට යානය ගිය අවස්ථාවේදී පෘථිවිය සමඟ තිබූ සබඳතාව මිනිත්තු 40කට පමණ විසන්ධි වුණත්, ඒ සියලු බාධක ජයගෙන ඔවුන් නැවත පැමිණීම මුළු ලෝකයේම අවධානය දිනාගත් විශේෂ සිදුවීමක්.

ඉදිරි වසර කිහිපය තුළ නැවතත් මිනිසුන් සඳ මතට ගොඩබැස්වීමේ මෙහෙයුමට මේ සාර්ථකත්වය විශාල පිටුවහලක් වේවි කියලා විශ්වාස කරනවා.



Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් දශක ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂක ඔබව හමුවුණු,...
Hiru Tv Blog
කලා ලෝකයේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන, දක්ෂ මෙන්ම ගුණගරුක රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්‍රතිකාර ලබනවා...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top