ආටිමිස් II මෙහෙයුම අවසානයි.. සඳ වටා ගිය වීරයෝ හෙට යළි පෘථිවියට..
Thursday, 09 April 2026 - 14:10 | Views - 378
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත වූ ගගනගාමීන් පිරිස සිය මෙහෙයුම නිමවා හෙට (අප්‍රේල් 10) යළි පෘථිවියට පැමිණීමට නියමිතවෙලා තිබෙනවා.

නාසා ආයතනයට අනුව, ගගනගාමීන් සිව්දෙනා රැගත් ඔරායන් (Orion) අභ්‍යවකාශ යානය සිකුරාදා රාත්‍රී 8.07 ට (ශ්‍රී ලංකා වේලාවෙන් සෙනසුරාදා අලුයම 5.37 ට) සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ මුහුදට පතිත වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව ඔවුන්ව USS John P. Murtha නෞකාව වෙත ආරක්ෂිතව රැගෙන යාමට සියලුම කටයුතු සූදානම් කරලා තිබෙනවා.

මෙම මෙහෙයුමේ සුවිශේෂීත්වය වන්නේ, 1970 වසරේ ඇපලෝ 13 මෙහෙයුම තබා තිබූ සැතපුම් 248,655 ක දුර වාර්තාව අභිබවා යමින් පෘථිවියේ සිට වැඩිම දුරක් ගමන් කළ අභ්‍යවකාශ යානය ලෙස ඔරායන් ඉතිහාසයට එක් වීමයි.

මෙවර මෙහෙයුම සඳමත ගොඩබැසීමක් සිදු නොකළත්, පෘථිවියට නොපෙනෙන සඳෙහි පිටුපස ප්‍රදේශය හරහා පියාසර කරමින් ඉතා වැදගත් ඡායාරූප ලබා ගැනීමටත්, යානයේ තාක්ෂණික ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමටත් ගගනගාමීන් සමත්වුණා.

මෙය ඉදිරියේදී සඳ මත මිනිසුන් පදිංචි කිරීමේ මීළඟ පියවර සඳහා උපකාරී වේවි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top