මිනිස් ඉතිහාසයේ ලොකුම පෙරළිය.. ඇපලෝ 13 තැබූ වාර්තාව ආටිමිස් II සුණුවිසුණු කරයි!
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව බිඳදැමීමට Artemis II මෙහෙයුමේ ගගනගාමීන් සමත් වුණා. මෙය මිනිසා පෘථිවියේ සිට අභ්‍යවකාශයේ වැඩිම දුරක් ගමන්කළ අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වුණා.
මීට පෙර 1970 වසරේදී ඇපලෝ 13 යානය පෘථිවියේ සිට සැතපුම් 248,655ක උපරිම දුරකට ළඟාවෙලා තිබුණා. නමුත් ආටිමිස් II යානය එම සීමාවද පසු කරමින් තවත් සැතපුම් 4,000කට වඩා වැඩිදුරක් අභ්‍යවකාශයේ ගැඹුරටම ගමන්කරලා තිබෙනවා.
මෙම වාර්තාව පිහිටුවන අතරතුර මෙහෙයුමේ අණදෙන නිලධාරී Reid Wiseman පිළිකා රෝගයකින් මියගිය තම බිරිඳ සිහිපත් කරමින් කඳුළු සලන අයුරු නාසා ආයතනය නිකුත්කරපු දර්ශනවල සටහන්වෙලා තිබුණා. ඔහු තම බිරිඳ සිහිවීමට සඳමත ඇති එක් ආවාටයක් Carroll නමින් නම්කරලා තිබෙනවා.
මේ වනවිට සඳවටා තම ගමන නිමාකර ඇති මෙම යානය ලබන සිකුරාදා පැසිෆික් සාගරයට පතිත වීමට නියමිතයි.