තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට.. ශ්‍රී ලංකාව ගැනත් දැඩි අවධානයක්!
Friday, 17 April 2026 - 17:52 | Views - 102
ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක්වන තලපති විජේ නායකත්වය දරන ටී.වී.කේ. (Tamilaga Vettri Kazhagam) පක්ෂයේ මංගල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගියදා නිල වශයෙන් එළිදැක්වුණා.

ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින් ඉදිරිපත් කළ මේ ප්‍රකාශනයේ ශ්‍රී ලංකාවට සෘජුවම බලපාන කරුණු කිහිපයක් ඇතුළත්වීම විශේෂත්වයක්.

විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධානතම පොරොන්දුවක් වී ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය ලබාදීමයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයට දැඩි බලපෑමක් එල්ලකරන බව ඔහු පවසා තිබෙනවා. තවද, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කාලයක් තිස්සේ මතභේදාත්මක මාතෘකාවක් වී ඇති කච්චතිව් දූපත පිළිබඳව විජේ සිය අවධානය යොමුකර තිබෙනවා.

ඉන්දීය ධීවරයින්ට කච්චතිව් දූපත ආශ්‍රිතව නිදහසේ ධීවර කටයුතු කිරීමට ඇති අයිතිය යළි තහවුරුකරන බව හා දෙරටේ ධීවර ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබාගැනීමට මැදිහත්වන බව ඔහු පැවසුවා.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම හා ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින් පෙනී සිටින බවද තලපති විජේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් වැඩිදුරටත් අවධාරණය කරලා තිබෙනවා.

විජේගේ මේ ශ්‍රී ලංකාව පිලිබඳ ප්‍රකාශ හරහා තමිල්නාඩුවේ වෙසෙන ලාංකික සම්භවයක් සහිත ඡන්ද දායකයින්ගේ හා දේශපාලන ක්‍රියාකාරීන්ගේ ආකර්ෂණය දිනාගත හැකිබව දේශපාලන විචාරකයින් පවසනවා.
Share This Article
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
අද අපි හැමෝම ජීවත් වෙන්නේ හරිම කාර්යබහුල...
Hiru Tv Blog
නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තාරුකා, තමන්ගේ පෞද්ගලික...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම, දුටු පමණින් නෙත් ඇද බැඳ ගන්නා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ගැන උනන්දුවෙන ඔයාලා හැමෝම ශනුද්‍රි ප්‍රියසාද්ව හොඳටම දන්නවනේ....
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...
Hiru Tv Blog
අඩසියවසකට පසු පෘථිවිය දිස්වුණු අපූරුව! ‘Hello World’ කියමින් Artemis II සඳ ගමනෙන් ආ සුපිරි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top