නින්දට පෙර Wi-Fi හා Data off කිරීමෙන් මොළයට සහනයක් ලැබෙනවාද? ස්නායු විශේෂඥයින් පවසන රහස මෙන්න!
Friday, 17 April 2026 - 13:28 | Views - 97

නූතන ලෝකයේ අප සියල්ලන්ම තාක්ෂණයට කොතරම් ඇබ්බැහි වී තිබේද යත්, නින්දට යන මොහොත දක්වාම ජංගම දුරකතනය හෝ අන්තර්ජාලය භාවිතා කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තිබෙනවා.
නමුත්, රාත්‍රී කාලයේදී Wi-Fi රවුටරය හා දුරකතනයේ අන්තර්ජාල සබඳතා ක්‍රියාත්මකව තැබීම අපගේ සෞඛ්‍යයට, විශේෂයෙන්ම මොළයට හා ස්නායු පද්ධතියට බලපෑමක් ඇති කරනවා.
අපගේ මොළයේ සන්නිවේදනය සිදුවන්නේ ඉතා සියුම් විද්‍යුත් සංඥා (Electrical Signals) මගින් ඒ වගේම Wi-Fi රවුටර හා Smart Phone ක්‍රියා කරන්නේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර (EMF) හා රේඩියෝ තරංග හරහායි.
වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මේ පිළිබඳව තවමත් නිශ්චිත විද්‍යාත්මක නිගමනයක් නොමැති වුවද, තර්කානුකූලව බලනවිට මේ බාහිර තරංගවලට මොළයේ සංවේදනවලට බාධා කිරීමේ හැකියාවක් පැවතිය හැකි බවයි.
ස්නායු ශෛල්‍ය වෛද්‍ය විශේෂඥයින් පවසන පරිදි, දහවල් කාලයේදී හා රාත්‍රී කාලයේදී අපගේ ශරීරයේ ක්‍රියාකාරිත්වය වෙනස්වෙනවා.
රාත්‍රියේදී මොළය විවේකීව සිටිය යුතු අතර හොඳ නින්දක් සඳහා නිද්‍රා චක්‍රය නිසි පරිදි සිදුවිය යුතුයි. Wi-Fi හෝ දුරකතන තරංගවලට නිරන්තරයෙන් නිරාවරණය නිසා සුවදායක නින්දට බාධා ඇතිවීමෙන් පසුදින ඔබේ කාර්යක්ෂමතාව හා අවධානය අඩු කිරීමට හේතුවෙන්න පුලුවන්.
මේ දක්වා Wi-Fi තරංග නිසා බරපතළ සෞඛ්‍ය හානි සිදුවන බවට ස්ථිර සාක්ෂි නොමැති වුවත් ආරක්ෂාකාරී පියවරක් ලෙස පහත උපදෙස් පිළිපැදීම වඩාත් සුදුසු බව විශේෂඥයෝ නිර්දේශ කරනවා.
1. කිසිවිටක ඔබේ නිදන කාමරයේ Wi-Fi රවුටරය සවි කරන්න එපා. එය අවම වශයෙන් නිදන ඇඳේ සිට ආරක්ෂිත දුරකින් තබාගන්න.
2. නින්දට යාමට පෙර Wi-Fi රවුටරය සහ දුරකතනයේ දත්ත සබඳතා (Data) ක්‍රියාවිරහිත කිරීමෙන් මොළයට ලැබෙන අනවශ්‍ය උත්තේජනය අවම කරගන්නත් පුලුවන්.
3. දුරකතනය කොට්ටය අසල තබාගෙන නිදාගන්න එපා.
රූපවාහිනී, ශීතකරණ සහ වායු සමීකරණ යන්ත්‍රපවා යම් මට්ටමක විකිරණ නිකුත්කරනවා. නමුත් Smart Phone හා Wi-Fi වලට නිරන්තරයෙන් හා සමීපව නිරාවරණය වන නිසා, එම නිරාවරණය අවමකර ගැනීම ඔබේ සෞඛ්‍යයට වඩාත් හිතකරයි.
Share This Article