විදුලි බුබුළු වෙනුවට ආලෝකය දෙන ශාක.. චීන විද්‍යාඥයන්ගෙන් අනාගත ලෝකයට නව සොයාගැනීමක්!
Thursday, 16 April 2026 - 14:55 | Views - 430
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි පැවසුවහොත් ඔබ පුදුම වනු නිසැකයි.

ඒ සිහිනය සැබෑ කරමින් චීනයේ විද්‍යාඥ පිරිසක් ස්වභාවිකවම ආලෝකය විහිදුවන (Bioluminescent) ශාක වර්ග කිහිපයක් සාර්ථකව නිපදවීමට සමත්වෙලා තිබෙනවා.

Dr. Li Renhan ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම විසින් සිදුකළ මෙම සුවිශේෂී පරීක්ෂණයේදී ඕකිඩ් සහ සූරියකාන්ත ඇතුළු ශාක වර්ග 21ක් මෙලෙස රාත්‍රී කාලයේදී දීප්තිය විහිදුවන ශාක බවට පත්කර තිබෙනවා.

මෙම විස්මිත ක්‍රියාවලිය සඳහා විද්‍යාඥයන් භාවිතාකර ඇත්තේ ජාන ඉංජිනේරු විද්‍යාවයි.

එහිදී කළාමැදිරියන් (Fireflies) හා ආලෝකය විහිදුවන දිලීර වර්ග සතු ආලෝකය නිපදවීමේ හැකියාව සහිත ජාන (Bioluminescence genes) ලබාගෙන, ඒවා අදාළ ශාකවල DNA පද්ධතියට සාර්ථකව බද්ධකර තිබෙනවා.

මෙමගින් ශාකය වැඩෙද්දීම එහි පටක තුළින් ස්වභාවිකවම මෘදු ආලෝකයක් නිකුත් වීම සිදුවෙනවා.

මෙම පර්යේෂණයේ ප්‍රධානතම අරමුණ වන්නේ පරිසර හිතකාමී ආලෝක ප්‍රභවයන් ලොවට හඳුන්වාදීමයි.

වීදි ලාම්පු වෙනුවට මහා මාර්ග දෙපස ඇති ගස්වලින්ම රාත්‍රියට ආලෝකය ලැබෙන්නේ නම්, එමගින් වැයවන අතිවිශාල විදුලි පිරිවැය ඉතිරි කරගත හැකියි.

නිවෙස් අලංකරණයට රාත්‍රී කාලයේදී නිවෙස් තුළ ආලෝකය ලබාගැනීමට විදුලි බුබුළු වෙනුවට මෙවැනි පැළෑටි භාවිතා කිරීමේ හැකියාවද තිබෙනවා.

මෙය ඉතා සාර්ථක සොයාගැනීමක් වුවත්, තවමත් විසඳාගත යුතු කරුණු කිහිපයක් පවතින බව විද්‍යාඥයන් පවසනවා.

වර්තමානය වන විට මෙම ශාකවලින් නිකුත් වන ආලෝකය කියවීමට හෝ වෙනත් ප්‍රායෝගික වැඩක් කිරීමට තරම් ප්‍රබල මට්ටමක නැහැ.

ඒ වගේම පරිසර පද්ධතියට ඇති බලපෑම ජානමය වශයෙන් වෙනස් කරන ලද මෙම ශාක සාමාන්‍ය පරිසරයට මුදාහැරීමෙන් වෙනත් ස්වභාවික ශාකවල පැවැත්මට තර්ජනයක් වේද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුකරනවා.

කෙසේවෙතත්, මෙම තාක්ෂණය තවදුරටත් දියුණු වුවහොත්, අනාගත ලෝකය විදුලියෙන් තොරව සොබාදහමේ ආලෝකයෙන්ම බැබළෙනු ඇතැයි අපට විශ්වාස කරන්න පුලුවන්.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top