අඩසියවසකට පසු පෘථිවිය දිස්වුණු අපූරුව! ‘Hello World’ කියමින් Artemis II සඳ ගමනෙන් ආ සුපිරි ඡායාරූප පෙළ මෙන්න!
Saturday, 04 April 2026 - 12:29 | Views - 209
අඩසියවසකට පසු පෘථිවිය දිස්වුණු අපූරුව! ‘Hello World’ කියමින් Artemis II සඳ ගමනෙන් ආ සුපිරි ඡායාරූප පෙළ මෙන්න!

දශක පහකට වැඩි කාලයකට පසු මිනිසුන් පෘථිවි කක්ෂය පසුකර සඳ බලා යන ඓතිහාසික ගමනේ අලුත්ම තොරතුරු දැන් වාර්තාවෙනවා. නාසා (NASA) ආයතනය විසින් Artemis II මෙහෙයුමේ ගගනගාමීන් ලබාගත් පෘථිවියේ ප්‍රථම අධි විභේදන (High definition) ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදාහැරලා තිබෙනවා.

මෙහෙයුමේ අණදෙන නිලධාරී රීඩ් වයිස්මන් (Reid Wiseman) විසින් මෙම ඡායාරූප ලබාගෙන තිබෙනවා.

"Hello, World" ලෙස නම්කර ඇති මෙහි අත්ලාන්තික් සාගරය, සූර්යයා පෘථිවියෙන් වැසී යන අවස්ථාවක් හා පෘථිවියේ ධ්‍රැවීය ආලෝකයන් කැමරා කාචයට හසුවෙලා තිබෙනවා. ඒ වගේම පහළ දකුණු පසින් දිස්වන දීප්තිමත් තාරකාව සිකුරු ග්‍රහයා බව නාසා ආයතනය තහවුරුකරලා තිබෙනවා.

මේවන විට Artemis II යානය සඳෙහි දුරස්ථ අර්ධය (Far side of the Moon) වටා ගොස් නැවත පෘථිවිය දෙසට පැමිණෙන මාර්ගයේ සාර්ථකව ගමන් කරමින් සිටිනවා.
මොවුන් අප්‍රේල් 10 වැනිදා නැවත ආරක්ෂිතව පෘථිවියට ළඟා වීමට නියමිතයි.





 
Share This Article
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
අද අපි හැමෝම ජීවත් වෙන්නේ හරිම කාර්යබහුල...
Hiru Tv Blog
නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තාරුකා, තමන්ගේ පෞද්ගලික...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම, දුටු පමණින් නෙත් ඇද බැඳ ගන්නා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ගැන උනන්දුවෙන ඔයාලා හැමෝම ශනුද්‍රි ප්‍රියසාද්ව හොඳටම දන්නවනේ....
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...
Hiru Tv Blog
අඩසියවසකට පසු පෘථිවිය දිස්වුණු අපූරුව! ‘Hello World’ කියමින් Artemis II සඳ ගමනෙන් ආ සුපිරි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top