Britneyගේ ජීවිතයේ අලුත් හැරවුම් ලක්ෂ්‍යය.. ඇයි ඇය හදිසියේම පුනරුත්ථාපනයට ගියේ?
Wednesday, 15 April 2026 - 8:49 | Views - 94
ඔයාලා දන්නවා ඇතිනේ ලෝකෙම වසඟයට ගත්ත පොප් තරුව බ්‍රිට්නි ස්පියර්ස් ගැන. "Baby One More Time", "Toxic" වගේ සිංදු වලින් අපිව පිනවපු බ්‍රිට්නි ගැන අලුත්ම ආරංචියක් ඇවිත් තිබෙනවා. හැබැයි මේක ටිකක් කනගාටුදායක පුවතක්.

පසුගිය මාසයේ ඇය මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරමින් තම BMW රථය අධිවේගී මාර්ගයක ඉතා වේගයෙන් පදවා තිබුණා. මේ නිසා පොලිසිය ඇයව අත්අඩංගුවට ගත්තා. දැන් එම සිද්ධියෙන් මාසයකට පස්සේ ඇය ස්වේච්ඡාවෙන්ම පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුළු වෙන්න තීරණය කරලා තිබෙනවා.

දැන් 44 හැවිරිදි වියේ පසුවන බ්‍රිට්නිට එරෙහිව ඇති DUI (Driving Under the Influence) නඩුව කැලිෆෝනියා අධිකරණයේ විභාග වෙන්න තියෙන්නේ තව සති තුනකින්. ඊට කලින් ඇය මේ විදිහට ප්‍රතිකාර ගන්න තීරණය කළේ තමන්ගේ ජීවිතය නැවතත් යහපත් මඟකට හරවා ගන්නා අරමුණින් බවයි ඇයගේ නියෝජිතයා පවසන්නේ.

"බ්‍රිට්නි නීතියට ගරු කරමින් නිවැරදි පියවර ගත්තා. මේක ඇගේ ජීවිතයේ වෙන්න ඕනේ ලොකු වෙනසක පළමු පියවර කියලා අපි හිතනවා. ඇගේ දරුවනුත් මේ වෙලාවේ ඇය එක්ක ඉන්නවා වගේම, ඇගේ පවුලේ අය ඇයව සාර්ථක කරවන්න ලොකු සැලසුමක් හදමින් ඉන්නවා."

අවුරුදු 13ක් පුරා ඇයගේ පියා විසින් ඇගේ මුළු ජීවිතයම හා මුදල් පාලනය කළා. එම Conservatorship එක අවසන් වුණේ 2021 වසරේදීයි. එතැන් සිට ඇය නිදහසේ ජීවත් වුණත්, මේ වගේ සිදුවීම් නිසා ඇයගේ රසිකයන් නැවතත් ඇය ගැන දැඩි කනස්සල්ලෙන් පසුවෙනවා.
Share This Article
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
අද අපි හැමෝම ජීවත් වෙන්නේ හරිම කාර්යබහුල...
Hiru Tv Blog
නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තාරුකා, තමන්ගේ පෞද්ගලික...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම, දුටු පමණින් නෙත් ඇද බැඳ ගන්නා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ගැන උනන්දුවෙන ඔයාලා හැමෝම ශනුද්‍රි ප්‍රියසාද්ව හොඳටම දන්නවනේ....
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...
Hiru Tv Blog
අඩසියවසකට පසු පෘථිවිය දිස්වුණු අපූරුව! ‘Hello World’ කියමින් Artemis II සඳ ගමනෙන් ආ සුපිරි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top