අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉහළම වර්ෂාපතනය කුකුලේ ගඟෙන්.. දිවයින පුරා කාලගුණය වෙනස් වූ හැටි මෙන්න..
Monday, 21 September 2026 - 12:23 | Views - 27
අද (21) පූර්වාහ්න 8.30 න් අවසන් වූ පසුගිය පැය 24 ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කුකුලේ ගඟ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
එම මධ්‍යස්ථානය සනාථ කර සිටින පරිදි කුකුලේ ගඟ ප්‍රදේශයට ලැබී ඇති එම වර්ෂාපතනය මිලිමීටර 206 ක් ලෙස සටහන් වුණා.
මේ අතර පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ නෝර්ටන් ප්‍රදේශයට මිලිමීටර 134 ක වර්ෂාපතනයක් සහ කුලියාපිටිය ප්‍රදේශයට මිලිමීටර 126 ක අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article