UNESCO ලෝක උරුම Ngorongoro රක්ෂිතයට වුණු අවාසනාවන්ත දේ.. සිංහයන් 10 දෙනෙකුගේ ජීවිත එකපාරටම නැතිවෙයි..
Sunday, 20 September 2026 - 23:07 | Views - 23
ටැන්සානියාවේ සුප්‍රකට UNESCO ලෝක උරුමයක් වන Ngorongoro වනජීවී අභයභූමිය තුළ සිංහයින් 10 දෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අරුෂා (Arusha) කලාපයේ එන්ඩුලෙන් (Endulen) වසමේ එන්ඩුටු (Ndutu) ප්‍රදේශයේ තිබී මෙම සිංහ මළ සිරුරු සොයාගෙන ඇති අතර, උන් යම් විෂ වර්ගයක් ශරීරගත වීමෙන් මියයන්නට ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

මෙම අමානුෂික සිදුවීමට හේතුව සහ ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම සඳහා ටැන්සානියානු බලධාරීන් මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

නැගෙනහිර අප්‍රිකානු කලාපයේ වනසතුන් සහ ගොවීන් අතර පවතින උග්‍ර ගැටුම් හේතුවෙන් මෙලෙස සතුන්ට වස දීමේ සිදුවීම් නිතර නිතර වාර්තා වන බව අනාවරණය වුණා.

ටැන්සානියාවේ ප්‍රධානතම සංචාරක ආකර්ෂණයක් වන මෙම රක්ෂිතය සිංහයන්, අලින්, මීහරක් ඇතුළු වඳවීමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ වනජීවීන් රැසකට නිවහනක් වී තිබෙනවා.

මීට පෙර පසුගිය ජනවාරි මාසයේදීද කෙන්යා-ටැන්සානියා දේශසීමාව ආසන්නයේදී වස ශරීරගත වීමෙන් සිංහයින් 6 දෙනෙකු සහ ගිජුලිහිණයන් 30 දෙනෙකු මියගොස් තිබූ අතර, ඉකුත් මාසයේදී කෙන්යා දේශසීමාවේ අලින් 18 දෙනෙකු මියයාමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top