ජීවිතයත් මරණයත් අතර දඩයම.. කඳු මුදුනක තනි වූ ඇයට මොකද වුණේ? අලුත්ම සුපිරි Survival Thriller එකක් මෙන්න..
Monday, 13 April 2026 - 9:32 | Views - 357
ඔන්න එහෙනම් සිනමාලෝලී අපේ කට්ටියට මේ මාසේ බලන්න පුළුවන් සුපිරිම Action Thriller එකක් ගැන තොරතුරු අරගෙනයි අද අපි ආවේ.

ඔබ කලින් බලපු "Everest" හා "Beast" වැනි චිත්‍රපට මතකද? ඒ අත්දැකීම තවත් වැඩි කරන්න Baltasar Kormákur අධ්‍යක්ෂණය කරන අලුත්ම සිනමා අත්දැකීම තමයි Apex කියලා කියන්නේ.

තනියම කඳු නගින තරුණියක් දරුණු දඩයක්කාරයෙකුගේ ඉලක්කයක් බවට පත්වීම ඔස්සේ තමයි Apex පුරාම දිග හැරෙන්නේ.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ හොලිවුඩයේ දක්ෂ නිළි Charlize Theron. මෙහි ඇය කඳු නගින්නියකගේ චරිතයට රංගනයෙන් දායකවෙනවා.

ඒ වගේම හොලිවුඩයේ දක්ෂ නළුවෙක් වෙන Taron Egerton තමයි මෙහි දඩයක්කාරයාගේ චරිතයට රංගනයෙන් දායකවෙන්නේ.

මෙහි රංගනයෙන් දායක වන Eric Bana වගේම ජනප්‍රිය නළු නිළියන් රැසක් ඕස්ට්‍රේලියාවේ සුන්දර හා බියකරු වනාන්තර පසුබිම් කරගෙන රූගත කිරීම් සිදුකරලා තිබෙනවා.

ඒ වගේම Frame store හා ILM වැනි ලෝක ප්‍රසිද්ධ දෘශ්‍ය ප්‍රයෝග (Visual Effects) ආයතන මෙයට සම්බන්ධ වී සිටින නිසා මෙහි දර්ශන ඉතාම තාත්විකව අපිට දැකබලා ගන්න පුළුවන් වේවි. මේ චිත්‍රපටය Netflix හරහා එළඹෙන 2026 අප්‍රේල් 24 වෙනිදා නිකුත් කිරීමට නියමිතයි.

ඉතින් ඔබත් "Survival" වර්ගයේ චිත්‍රපටවලට ආසකරන කෙනෙක් නම්, තත්පරයෙන් තත්පරය කුතුහලය පිරුණු මේ සුපිරි චිත්‍රපටය බලන්න අමතක කරන්න එපා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top