අවුරුදු කෑම රසයි, හැබැයි පරිස්සමෙන්! තෙල් කෑම නිසා ශරීරයට වෙන හානිය ගැන ඔබ දන්නවාද?
Wednesday, 15 April 2026 - 14:34 | Views - 98

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින් කෑම බීමවලින් අඩුවක් නැති කාලයක්නේ.
කොණ්ඩ කැවුම්, මුං කැවුම්, කොකිස් වගේම තෙල් දාපු කැවිලි පිරුණු අවුරුදු කෑම මේසය දකිද්දී ඕනෑම කෙනෙක්ගේ කටට කෙළ උනන එක නතර කරන්න බැහැ.
හැබැයි මේ රස පස්සේ යනකොට අපේ සෞඛ්‍යයට වෙන ලොකු හානියක් ගැන අපි ගොඩක් වෙලාවට හිතන්නේ නැහැ.
අවුරුදු කෑමවලින් බහුතරයක් හැදෙන්නේ තෙල්වලින් බැදලා. අධික ලෙස තෙල් සහ සීනි සහිත ආහාර ගැනීම නිසා අපේ රුධිරයේ තියෙන අහිතකර කොලෙස්ටෙරොල් (LDL) මට්ටම වේගයෙන් ඉහළ යන්න පුළුවන්. මෙය කෙලින්ම බලපාන්නේ අපේ හදවතටයි.
ශරීරයට වෙන හානිය මොකක්ද?
ධමනි අවහිර වීම - රුධිර නාලවල තෙල් තැන්පත් වීම නිසා රුධිර ගමනාගමනයට බාධා ඇති වෙනවා. මෙය හෘදයාබාධ ඇති වෙන්න ප්‍රධාන හේතුවක්.
අධික රුධිර පීඩනය - කොලෙස්ටෙරොල් වැඩි වීමත් එක්ක රුධිර පීඩනය (High Blood Pressure) ඉහළ ගිහින් අංශභාගය වැනි රෝගී තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්.
අක්මාවට බලපෑම් - අධික තෙල් සහිත ආහාර නිසා 'Fatty Liver' වැනි තත්ත්වයන් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
අවුරුදු සතුට රැකගෙන නිරෝගීව ඉන්න නම් ප්‍රමාණය දැනගෙන කන්න. රස බලන්න කෑවට කමක් නැහැ, හැබැයි අධික ලෙස තෙල්කෑම නම් ගන්න එපා.
පැණි බීම වෙනුවට පිරිසිදු වතුර හෝ ස්වභාවික පානයක් බීමට ගන්න.
කෑම පිඟානට වැඩිපුර එළවළු හා පලතුරු එකතු කරගන්න. ඒ වගේම කෑමෙන් පස්සේ එක තැනක ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇවිදින්න.
අලුත් අවුරුද්ද කියන්නේ නිරෝගීව සතුටින් සමරන්න ඕන දෙයක්. ඉතින්, තෙල් කෑම පාලනය කරලා ඔබේත්, ඔබේ පවුලේ අයගේ හදවත් ආරක්ෂා කරගන්න අදම පියවර ගන්න.
Share This Article