බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හා ලේකම්වරයා ධුරවලින් ඉල්ලා අස්වෙයි! සම්පූර්ණ විස්තරය මෙන්න.
Friday, 17 April 2026 - 17:48 | Views - 95

මෙරට දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වෙමින්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
අද (17) දිනයේදී ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමුකර ඇති බව වාර්තාවුණා.
මේ ඉල්ලා අස්වීම්වලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, 2009 වසරේ සිට මෙරට සිදුවූ ගල් අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන විශේෂ ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතුයි.
අදාළ විමර්ශනය ස්වාධීන, අපක්ෂපාතී සහ විනිවිදභාවයකින් යුතුව සිදුකිරීමට ඉඩ සැලසීම සඳහා තමන් ධුරවලින් බැහැරව සිටීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා හා ලේකම්වරයා පෙන්වාදී තිබෙනවා.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් කුමාර ජයකොඩි මහතා අවධාරණය කර ඇත්තේ, වසර 15ක කාලයක් තිස්සේ සිදුවූ ගල් අඟුරු ගනුදෙනු පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට තමා පූර්ණ සහයෝගය දක්වන බවයි.
එම විමර්ශනයට කිසිදු ආකාරයක බලපෑමක් හෝ බාධාවක් නොවනු පිණිස අද සිට ක්‍රියාත්මක වන පරිදි තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ඔහු සඳහන් කර තිබෙනවා.
මේ අතර, අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සඳහන් කර ඇත්තේ, ඉදිරියේදී ආරම්භ වීමට නියමිත පරීක්ෂණවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට තමන් තනතුරෙන් ඉල්ලා අස්වීම වඩාත් යෝග්‍ය බවයි.
මෙම අසාමාන්‍ය එහෙත් ආදර්ශමත් තීරණයත් සමඟ, ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳව මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
Share This Article