Box Office වාර්තා අලුත් කළ 'Dhurandhar 2'.. ඉන්දීය සිනමාවේ දැවැන්ත පෙරළියක්!
Friday, 10 April 2026 - 12:33 | Views - 318
ඉන්දීය සිනමා ලෝකය උඩුයටිකුරු කරමින්, Box Office වාර්තා සියල්ල අලුත් කිරීමට රන්වීර් සිං ප්‍රධාන චරිතය රඟපාන 'Dhurandhar 2 (The Revenge)' චිත්‍රපටය සමත්වෙලා තිබෙනවා.

මෙය නිකුත්වී දින 21ක් වැනි කෙටි කාලයක් තුළ ලොව පුරා ඉහළම ආදායමක් ඉපැයූ ඉන්දීය චිත්‍රපට අතර තෙවන ස්ථානය දිනාගෙන තිබෙනවා.

ඒ අනුව, මීට පෙර එම ස්ථානයේ රැඳී සිටි අතිශය ජනප්‍රිය 'Pushpa 2 - The Rule' චිත්‍රපටය අභිබවා යාමට මේ චිත්‍රපටයට හැකිවෙලා. මෙතෙක් වැඩිම ආදායම් ලැබූ ඉන්දීය චිත්‍රපට වන Dangal (ඉන්දීය රුපියල් කෝටි 2,000) හා Baahubali 2 (ඉන්දීය රුපියල් කෝටි 1,810) පසුකරයි කියලා බොහෝදෙනා විශ්වාසකරනවා.

ආදිත්‍ය ධර්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මෙම චිත්‍රපටය, මීට පෙර වාර්තා තබා තිබූ RRR සහ KGF 2 යන දැවැන්ත සිනමා නිර්මාණද පසුකර තිබෙනවා. 22 වන දිනය වන විට මෙහි ගෝලීය ආදායම ඉන්දීය රුපියල් කෝටි 1,665.23ක් ලෙස සටහන් වුණා. ඉන්දියාව තුළ පමණක් මෙහි දළ ආදායම කෝටි 1,255 ඉක්මවා ගොස් තිබෙනවා.

රන්වීර් සිං සමඟින් සාරා අර්ජුන්, ආර්. මාධවන්, සංජේ දත් හා අර්ජුන් රාම්පාල් වැනි දැවැන්ත නළු පිරිසක් මෙහි රංගනයෙන් දායකවෙනවා.

සාර්ථකත්වයත් සමඟම චිත්‍රපටයට නීතිමය ගැටලුවකටත් මුහුණ දෙන්න සිද්ධවෙලා, ඒ තමයි 1989 වසරේ තිරගත වූ 'Tridev' චිත්‍රපටයේ එන සුප්‍රසිද්ධ "Tirchi Topi Wale" ගීතය, අවසරයකින් තොරව 'Dhurandhar 2' හි "Rang De Lal" ගීතය සඳහා යොදාගෙන ඇති බවට චෝදනාවක් එල්ලවෙලා තිබෙනවා.

මේ සම්බන්ධ නඩුව ලබන මැයි 6 වනදා විභාග වීමට නියමිත අතර, දෙපාර්ශවයට සමථයකට පත්වන ලෙස අධිකරණය දැනුම් දීලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් දශක ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂක ඔබව හමුවුණු,...
Hiru Tv Blog
කලා ලෝකයේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන, දක්ෂ මෙන්ම ගුණගරුක රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්‍රතිකාර ලබනවා...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top