වසන්ත උත්සවයත් සමඟ විදුලි වාහන ගැන විශේෂ ආරංචියක්..
මේ කාලසීමාව ඔවුන්ගේ මුළු රටටම විශේෂ වුණු කාලයක්.
බලන්නකෝ මේ කියන්න යන්නේ මොකක් ගැනද කියලා.
චීනයේ වසන්ත උත්සවයත් සමඟ එරට අධිවේගී මාර්ග ආශ්‍රීතව මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථානවල සේවාවන් ද ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පෙබරවාරි 2 වනදා සිට 14 වනදා දක්වා අධිවේගී මාර්ගවල ආරෝපණ පරිමාව කිලෝවොට් පැය මිලියන 68.5576 දක්වා අගයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
විදුලි මෝටර් රථ ආරෝපණ යටිතල පහසුකම් ඉහළ යාමත් සමග චීනය නව තාක්ෂණික නවෝත්පාදනයන් ඔස්සේ සාම්ප්‍රාදයික බලශක්ති ක්‍රමවේදයන් අත්හැර නව බලශක්ති විසඳුම් කරා ගමන් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.