වසර 50කට පස්සේ.. මෙහෙම දින දහයක්.. මෙන්න ඒ වැදගත් ගමනට ඇති සුදානම..
Wednesday, 24 September 2025 - 15:02 | Views - 334
මානව වර්ගයාගේ පළමු අඟහරු ගමන මෙයයි..

නාසා ආයතනය මාස කිහිපයකින් සඳ වටා ගමනක් සඳහා ගඟනගාමීන් යැවීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබෙනවා.

වසර 50 කට පසු ඕනෑම රටක් කාර්ය මණ්ඩලයක් සහිත චන්ද්‍ර මෙහෙයුමක් පියාසර කරන පළමු අවස්ථාව මෙය වන අතර, එය මානව වර්ගයාගේ පළමු අඟහරු ගමන සඳහා පියවරක් ලෙස සැලකිය හැකියි.

2026 පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය තුළ සඳ වටා දින දහයක ගමනක් සඳහා මෙසේ ගගනගාමීන් යැවීමට බලාපොරොත්තු වන බව ද නාසා ආයතනය පවසා තිබෙනවා.

මෙමඟින් ඔවුන් නැවත පරීක්ෂණ පද්ධති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවයි සඳහන් වන්නේ.

මෙය මානව අභ්‍යවකාශ ගවේෂණයේ වැදගත් අවස්ථාවක් වනු ඇති බවද සඳහන් වනවා.

ආටෙමිස් II නමින් හැදින්වෙන මෙම මෙහෙයුමේ දී ගමන් කරනු ලබන ගගනගාමීන් සිව්දෙනා දින දහයක වට සංචාරයකින් පසු නැවත පෘථිවියට පැමිණෙනු ඇති අතර, මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ චන්ද්‍ර ගොඩබෑම සඳහා රොකට්ටුව සහ අභ්‍යවකාශ යානා පද්ධති පරීක්ෂා කිරීමයි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top