අභ්යවකාශයේ සිරවූ ගගනගාමීන් මාස 9කට පසු පෘථිවියට.. (Video)
Wednesday, 19 March 2025 - 8:18 | Views - 759
ගවේෂණ චාරිකාවක් සඳහා පසුගිය වසරේදී අභ්යවකාශ නැවතුම් මාධ්යස්ථානය බලා පිටත් වූ නාසා ආයතනයේ ගගනගාමින් දෙදෙනා වන සුනීතා විලියම්ස් සහ බව් විල්මෝර් මාස 9කට පසු පෘථිවියට පැමිණ තිබෙනවා.
එම ගගගාමින් දෙදෙනා දින 08ක කාල සීමාවක් සඳහායි පසුගිය වසරේ ජුනි මස 05 වැනිදා අභ්යවකාශ නැවතුම් මධ්යස්ථානයට ගොස් තිබුණේ.
නමුත් එම ගගනගාමින් දෙදෙනාට නියමිත කාලයේදී යළි පැමිණීමට හැකිව නැහැ.
ඒ ඔවුන් ගමන් ගත් ස්ටාර්ලයිනර් යානයේ හීලියම් ද්රාවණ කාන්දුවක් ඇතුලු කාර්මික දෝෂ රැසක් හට ගැනීම නිසා බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.
Share This Article