රිදියගම සිංහ පැටවුන්ට නම් තියයි , යෝජනා කළ අයටත් තෑගි..
Thursday, 13 February 2025 - 13:58 | Views - 547
අම්බලන්තොට - රිදියගම සෆාරී උද්යානයේ මාස තුනක් වයසැති සිංහ පැටවුන් හය දෙනාට නම් තැබීම ඊයේ (12) සිදු කර තිබෙනවා.
එම සිංහ පැටවුන්ට නම් තැබීම සඳහා ඉදිරිපත් වූ නම් 4,000 ක් අතුරින් තෝරාගත් නම් හයක් තැබීම ඊයේ පෙරවරුවේ සිදු කෙරුණේ සත්වොද්යාන දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ ප්රධානත්වයෙන්.
ඒ අනුව, පිරිමි සිංහ පැටියාට මේඝ යනුවෙන්ද, ගැහැණු සිංහ පැටවුන් පස් දෙනාට ටාරා, අග්රා, භූමි, අකීරා, සහ එල්සා යනුවෙන් නම් තැබීමට කටයුතු කර තිබෙන අතර, එම නම් යෝජනා කළ අයගෙන් තුන්දෙනෙකු එම අවස්ථාවට එක්ව බවද , ඔවුන්ට තිලිණ ප්රදානයක්ද සිදුකර බවද සඳහන් වුණා.
Share This Article