ලෝකයක් තිගස්සන , ජනපති ට්‍රම්ප්ගේ අමුතු තීරණ
Tuesday, 21 January 2025 - 9:49 | Views - 552
ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගම විශේෂ ජනාධිපති නියෝග කිහිපයකටම අත්සන් තබා තිබෙනවා.

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට ජනපති ට්‍රම්ප් ගත් පියවර ගැන මේ වනවිට මතුව ඇත්තේ වි⁣ශාල කතාබහක් .


ජනපති ට්‍රම්ප් 2021 ජනවාරි 6 වන දින කැපිටල් ගොඩනැගිල්ල ආශ්‍රිත කෝලාහල සම්බන්ධයෙන් 1,600 පිරිසකට සමාවක් නිකුත් කර තිබෙනන⁣වා.

ඔහුගේ ජනාධිපති ධුරයේ පළමු නියෝග කිහිපයකට අත්සන් කරමින් , “අමෙරිකාවේ ස්වර්ණමය යුගය දැන් ආරම්භ වේ,” යනුවෙන් ඔහු සිය සමාරම්භක දේශනයේදී පවසා තිබෙනවා .

තමන් “සාමය ඇති කරන්නෙකු සහ එක්සත් කරන්නෙකු” බවයි ජනපති එහිදී පවසා ඇත්තේ .

ඔහුගේ විශේෂ ජනපති නියෝග යටතට, අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමත් ඇතුලත්.

කාගේත් කතාබහට ලක්වූ ටික් ටොක් සමාජ මාධ්‍ය වේදිකාවට අදාලවත් ඔහු විශේෂ නියෝගයකට අත්සන් තබා ඇතත්, එහි අන්තර්ගතය මාධ්‍යට ප්‍රසිද්ධ කර නැහැ.

ඔහු ජනපතිවරණයට පෙර ප්‍රකාශ කළේ තමන් ජනපති වී පළමු පැය 24 තුළ යුක්‍රේන යුද්ධය අවසන් කරන බවයි.

මේ පිළිබඳ මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා තිබෙනවා.

එහිදී ට්‍රම්ප් පවසා ඇත්තේ , තමන් පත්ව තවමත් ගතව ඇත්තේ දින භාගයක් නිසා, ඉතිරි දින භාගය තුළ වැදගත් තීරණය ගනු ඇති බවයි. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top