එලෝන් මස්ක්ගේ තවත් එක් සිහිනයක් අතරමගදී බොඳවී යයි..
ඔහු මේ වගේ බොහෝ දේ කරන්න ගොඩක් වෙහෙස වුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..
සුප්රකට තාක්ෂණික ව්යාපාරික ප්රකෝටිපති එලෝන් මස්ක්ගේ SpaceX සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Starship Flight 7 යන අභ්යවකාශ යානය එහි පර්යේෂණ පියාසැරියේ දී විනාශ වී ගොස් තිබෙනවා.
අමෙරිකාවේ වේලාවෙන් ඊයේ (16) පස්වරු 5:38ට ටෙක්සාස් හි පිහිටි දියත් කිරීමේ මධ්යස්ථානයකින් දියත් කළ මෙම යානය ඉන් විනාඩි කිහිපයකට පසු මෙම අසාර්ථක වීම සිදුව තිබුණා.
අදාළ යානය මේ අයුරින් විනාශ වී තිබුණේ බූස්ටරයෙන් වෙන් වී මද වේලාවකට පසු වන අතර එය උඩුගුවන්නේ දී විනාශ වීමෙන් අනතුරුව එහි සුන්බුන් දැවී පොළවට වැටෙන අයුරු ඇතුලත් ඡායාරූප සමාජ මාධ්ය හරහා නිකුත්ව වුණා.
මෙම නවතම අභ්යවකාශ යානය නිර්මාණයේ දී එලෝන් මස්ක්ගේ SpaceX සමාගම හා බිලියනපති ජෙෆ් බෙසෝස්ගේ ආයෝජන ද ලැබී තිබුණු බව වාර්තා වනවා.