ඉදිරි පැය 24 ඉතා තීරණාත්මකයි.. දිස්ත්රික්ක 9කට ඉදිරි පැය 24 තුළ නායයෑම් අනතුරු ඇඟවීම්..
Thursday, 22 October 2026 - 20:14 | Views - 38
දිවයිනට බලපා ඇති පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක 9ක් සඳහා ඉදිරි පැය 24ට අදාළ වන පරිදි නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කොළඹ, කළුතර, කුරුණෑගල සහ මොනරාගල යන දිස්ත්රික්කවල පිහිටි නායයෑම් අවදානම් සහිත ප්රදේශ සඳහා මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් මෙම අනතුරු ඇඟවීම් නිල වශයෙන් නිකුත් කර ඇති අතර, අදාළ ප්රදේශවල ජීවත් වන ජනතාව පස් කඳු කඩා වැටීම්, නායයෑම් සහ ගිලා බැසීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවීම ඉතා වැදගත් බව ද සෞඛ්ය හා ආපදා කළමනාකරණ අංශ වැඩිදුරටත් දැනුම් දෙනවා.
Share This Article