නව වසරේ පළමු උල්කාපාත වර්ෂාව බලන්න කළින් මේ දේවල් දැනගන්න
Friday, 03 January 2025 - 14:09 | Views - 770
2025 නව වසරේ පළමු ප්රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්රියේ දී දැකගත හැකි බව අභ්යවකාශ විද්යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.
මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙම උල්කාපාත වර්ෂාව පසුගිය දෙසැම්බර් 28 වැනිදා සිට ජනවාරි මස 12 වැනිදා දක්වා අතර කාලයේදී සක්රීයව පවතින බවද සඳහන් වන අතර, එය
උපරිම අවස්ථාවට පත්වන්නේ අද (03) රාත්රීයේදී යි.
එසේම මෙම උල්කාපාත වර්ෂාව දැකගත හැකිවන්නේ ‘බූට්ස්’ තාරුකා රාශිය ආශ්රිතවයි.
එය අළුයම 5.00ට පමණ නැරඹිය හැකි අතර, එම කාලය මෙම උල්කාපාත වර්ෂාව නැරඹීම සඳහා සුදුසුම අවස්ථාව වන බවද අභ්යවකාශ විද්යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර සඳහන් කළා.
එසේම, මෙය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි අතර, ඒ සඳහා කිසිඳු උපකරණයක් අවශ්ය නොවනු ඇති.
Share This Article