"රට වෙනුවෙන් හිරු" සහන යාත්‍රා ක්‍රියාන්විතය ඇරඹෙයි...
Monday, 02 December 2024 - 9:24 | Views - 321
මෙරට ජනතාව ආපදා තත්ත්වයන්ට මුහුණ පෑ අවස්ථාවන්හිදී සහෘදයෙකු සේ ඔවුන්ට සරණක් වීමට හිරු එදා මෙදා තුර අමතක කළේ නැහැ.

පසුගිය දින කිහිපයේ බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් තවමත් අවතැන් කදවුරුවල දිවි ගෙවන අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට සවියක් වෙමින් රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව හෙට (02) දියත් කරන්නේ එම සුපුරුදු වගකීම සුපුරුදු ලෙසට ඉටු කරමින්.

ශ්‍රී ලංකාව මුහුණ පෑ විවිධ ආපදා තත්ත්වයන් මෙන්ම වසංගත වැනි සමාජ පීඩාකාරී තත්ත්වයන් හමුවේ මෙරට ජනතාව වෙනුවෙන් හිරු පෙනී සිටියේ වරක් දෙවරක් නොවෙයි.

එම තීරණාත්මක අවස්ථාවන්හිදී හිරු සහන යාත්‍රා දිවයිනේ සතර දෙසට දියත් කෙරුණේ හිරු ටීවී, හිරු එෆ්.එම් ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලය මෙරට ජනතාවගේ දුකේදීත් ඔවුන් සමග නිරන්තරයෙන් සිටින සහෘදයෙකු බව පසක් කරමින්.

පසුගිය දින කිහිපයේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් 470,000කට අධික ජනතාවක් පීඩාවට පත්වූ අතර ඔවුන්ගේ පවුල් සහ ජීවනෝපායන් ද තවමත් අභියෝගයට ලක්ව තිබෙනවා.

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයත් මෙම ආපදා තත්ත්වයෙන් වැඩිම පීඩාවට පත්වූ දිස්ත්‍රික්ක අතරට අයත්.

උන්හිටි තැන් අහිමි කරමින් තවමත් අවතැන් කඳවුරුවල දිවි ගෙවන එම ජනතාව බිඳී ගිය සිය ජීවන තත්ත්වය යළි ගොඩනැගීමේ අභියෝගයට මුහුණ පා සිටිනවා.

සරණක් අවැසි ඔවුන් වෙනුවෙන් හිරු සහන යාත්‍රා වැඩසටහන එම ජනතාවට අවැසි වියලි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

ඒ අනුව මෙම අභියෝගාත්මක අවස්ථාවේ යළි නැගී සිටින්නට වෙර දරන ජනතාවට සවියක් වෙමින් ”‍රට වෙනුවෙන් හිරු”‍ සහන යාත්‍රාව හෙට අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත ළඟා වනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top