කල්ගිය උසස් පෙළ විභාගයේ විෂයයන් නැවත පැවැත්වෙන දින මෙන්න
Thursday, 28 November 2024 - 11:31 | Views - 232
උසස් පෙළ විභාගයේ ,දෙසැම්බර් 04වැනිදා විභාගය පැවැත්වෙන්නේ එදිනට පැවැත්වීමට නියමිත විෂයන් වෙන අතර, උදේ වරුවට පැවැත්වීමට නියමිත රසායනික විද්‍යාව පළමු පත්‍රය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව පළමු පත්‍රය, නාට්‍ය සහ රංගකලාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය පළමු ප්‍රශ්න පත්‍ර සහ සවස්වරුවේ දේශපාලන විද්‍යා පළමු ප්‍රශ්නපත්‍ර පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර සිටියේ.

එමෙන්ම විභාගය නොපැවැත් වූ කාල සීමාවේ තිබූ විෂයන් පහත දිනවලදී පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 27 බදාදාට නියමිත විෂයන් දෙසැම්බර් 21 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 28 බ්‍රහස්පතින්දාට නියමිත විෂයන් දෙසැම්බර් 23වැනි සඳුදා පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 29 සිකුරාදාට නියමිත විෂයන් දෙසැම්බර් 27වැනි සිකුරාදා පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 30 සෙනසුරාදා පැවැත්වීමට නියමිත විෂයන් දෙසැම්බර් 28වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

දෙසැම්බර් 02 සඳුදා පැවැත්වීමට නියමිත විෂයන් දෙසැම්බර් 30වැනි සඳුදා පැවැත්වීමට නියමිතයි.

දෙසැම්බර් 03 වැනි අගහරුවාදා පැවැත්වීමට නියමිත විෂයන් දෙසැම්බර් 31වැනි අගහරුවාදා පැවැත්වීමට නියමිතයි.

සාමාන්‍ය පොදු පරීක්ෂණය දෙසැම්බර් 7 වෙනි සෙනසුරාදා දින පැවැත්වෙන අතර එදිනට සුදු පැහැයෙන් තිබූ කාලසටහන වෙනුවට නව කාලසටහනක් වෙනස් වර්ණයකින් මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරන බවත් රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් ඇතුළු මාධ්‍යන්වලින් මේ පිළිබඳව උසස්පෙළ සිසුන් දැනුවත් කරන බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top