''දුර්වල පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම ඔබට භාරයි '' අගරදගුරු හිමිපාණන් නව කථානායක ට කියයි..
Wednesday, 27 November 2024 - 10:07 | Views - 170
පසුගිය සමයේ දුර්වල මට්ටමට පත් වූ මෙරට පාර්ලිමේන්තුව නැවත ශක්තිමත් කිරීමේ කාර්යය නව කතානායකවරයා වෙත පැවරී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ, නව කතානායක අශෝක රන්වල අගරදගුරු නිල නිවසේ දී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවූ අවස්ථාවේදී යි.
කෙසේ වෙතත්, පසුගිය (14) වනදා පැවති මහ මැතිවරණයෙන් පසු , මෙරට පාර්ලිමේන්තුවේ නව ආරම්භය , (21) වනදා සිදු වූ අතර, එහිදී නව කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක සපුමල් රංවල පත් කරනු ලැබුවා.
Share This Article