අයහපත් කාලගුණය හේතුවෙන් , අවලංගු වූ දුම්රිය
Tuesday, 26 November 2024 - 15:53 | Views - 205
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන්, අද(26) රාත්රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල තැපැල් දුම්රිය රාත්රී 8.30 ට පිටත් වීමට නියමිතයි.
ඒ අනුව අද දින එම දුම්රිය ධාවනය නොවන බවයි සඳහන් වන්නේ.
එසේම, දැනට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා සීමා කර ඇති බවත් සඳහන් වනවා.
Share This Article