ප්රථම වරට රතු මුහුදේදි විවාහයක්.. (Photos)
Monday, 28 October 2024 - 10:44 | Views - 282
සෞදි යුවලක් සිය විවාහ ගිවිස ගැනීම රතු මුහුදේදි සිදුකර ඇති බව වාර්තා වනවා. කිමිදුම්කරුවන් දෙදෙනෙකු වන හසන් අබු අල්-ඕලා සහ යස්මින් ඩැෆ්තාර්ඩර් , ජෙඩා නුවරට ඔබ්බෙන් වූ රතු මුහුදේ සුන්දර සාගර පරිසරය තුළ මෙසේ විවාහ ගිවිස ගෙන තිබෙනවා. මෙම අවස්ථාවට කිමිදුම්කරුවන් කුඩා කණ්ඩායමක් සහභාගී වූ අතර, දේශීය කිමිදුම් කණ්ඩායම වන සෞදි කිමිදුම්කරුවන් විවාහ උත්සවය සංවිධානය කර තිබෙනවා. සෞදි කිමිදුම්කරුවන්ට නායකත්වය දෙන කපිතාන් ෆයිසාල් ෆ්ලෙම්බන් දිය යට විවාහ උත්සවය සඳහා උපකරණ සහ විශේෂඥ සහාය ලබා දී තිබෙන බවද විදෙස් මාධ්ය වාර්තා කරනවා.

Share This Article