පාට පාටින් හැඩ වුණු විදෙස් ගමන් බලපත්රය ගැන නොදත් කතාවක්.. (Photos)
Friday, 25 October 2024 - 11:01 | Views - 330
විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීමේ අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්ර නිකුත් කිරීමට පසුගියදා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගත්තා.ඒ අනුව, නව විදේශ ගමන් බලපත්රයේ පැහැය වෙනස් කොට ඇති අතර, එය නිල් පැහැයෙන් යුක්තයි.එමෙන්ම, පැරණි විදේශ ගමන් බලපත්රයක පිටු 64ක් තිබූ අතර, නව විදේශ ගමන් බලපත්රය පිටු 48කින් සමන්විත වනවා.තවද, නව විදේශ ගමන් බලපත්රයේ P අංක භාවිතා කරන අතර, මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්රවල පැවතියේ N අංකයයි.එසේම, නව විදේශ ගමන් බලපත්රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූප වලින් සමන්විත වෙනවා.යාපනය නල්ලූර් කෝවිල, ඓතිහාසික ගාල්ල ලන්දේසි කොටු පවුර, ශ්රී දළදා මාලිගාව, කොළඹ නෙළුම් කුළුණ, , පොළොන්නරුව ඓතිහාසික ස්ථාන, රිටිපන්න ධීවර කර්මාන්තය, ආරැක්කු නවයේ පාලම, සීගිරිය, තේ වගාව, රබර් කිරි කැපීම, හා ශ්රී ලංකාවේ සුප්රසිද්ධ සංචාරක ස්ථාන සහ මෙරට සංස්කෘතිය විදහාපාන සාම්ප්රදායික කර්මාන්තවල ඡායාරූප වලින්ද නව විදේශ ගමන් බලපත්රය සමන්විතයි.අපේ විදේශ ගමන් බලපත්ර එදා සිට අද දක්වා ,







( උපුටා ගැනීම - මුහුණු පොතෙන්..)
Share This Article