අම්මයි , අත්තම්මයි යන්නම යනකොට , එයාට මාස දෙකයි.. ඒ කඳුළු කතා , හිත්වලින් තාමත් මැකිලා නෑ... (Photos)
Sunday, 21 April 2024 - 14:15 | Views - 405
එදා ඒ කුරුරු මතකය ඔබට වගේම මටත් කිසිදා  අමතක නොවේවි..

 ඒ වගේමයි ඉන් ජිවිත මියැදුනු ආදරණියයන් සිහිපත් වෙනකොට අදටත් නෙත අග ඉතිරි වෙන්නේ කඳුළක්..

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ දෙදෙනෙක් ගැන කතාවක්.. ශාන්තා මායාදුන්න.. අපි හැමෝම දන්නේ ප්‍රවීණ සූපවේදිනියක් හැටියටයි..

ඇය අපේ රටේ ඉවුම් පිහුම් කලාවව අලුත්ම හැඩයක් එක්කල තැනැත්තියක්.. ඒ වගේමයි ඇගේ දියණිය නිසංගා මායාදුන්න.. ඇය බැංකු ක්ශේත්‍රයේ දිදුලන චරිත‍යක් වගේම ක්‍රීඩාවට , කලාවට විතරක් නෙවෙයි නිවේදනයටත් ඇය එක වගේම දක්ෂ චරිතයක්..

කොහොම වුණත් මේ දෙන්නාම අපි අතරින් වියෝ වුණේ පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාවේදී එල්ල කළ එක් ඉලක්කයක් නිසායි.. අද ආයේත් මේ අය ගැන මතක අලුත් වෙනවා...

ඒ මේ සිද්ධියට වසර පහක් වන තැනයි.. ප්‍රවීණ සූපවේදිනියක් ලෙසින් කාගෙත් ආදරය දිනාගත්ත ශාන්තා, ඒ වගේම මාධ්‍ය හා සමීපව ඇසුරු කළ නිසංගා..

ඔවුන් අද අපි අතර නැතිවුණත්, ඔවුන් වෙනුවෙන් යන්තමින් හෝ යුක්තිය ද ඉටු වී නැහැ..
කොපමණක් ආයාචනා කිරීම්, ඉල්ලීම් තිබුණා වුණත්, පාස්කු දා ප්‍රහාරය අදටත් බොහෝ දෙනෙකුට අභිරහසක්..

කොහොම වුණත්, ශාන්තා මායාදුන්න සහ ඇගේ වැඩිමහල් දියණිය නිසංගා මායාදුන්න ගැන මුළු රටම කතාබහ කළේ සිය පවුල සමගින් කොළඹ තරු පන්තියේ හෝටලයක ආහාරවේලක් ගනිමින් සිටියදී වන අතර, නිසංගාගේ පුංචි දියණිය මෙලොව එළිය දැක මාස කීපයකට පසුවයි ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්වීම බොහෝ දෙනා කම්පනයට පත් කළ පුවතක් වුණා..  





















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top