මැස්සන් නිසා පැතිර යන භයානක රෝගයක් , මේ රෝග ලක්ෂණ ඇත්නම් කළයුතු දේ මෙන්න..
Friday, 19 April 2024 - 14:48 | Views - 714
අවුරුදු සමයේ පාචනය වැලඳුණු දරුවන් රෝහල්ගත වීමේ වැඩිබවක් දක්නට ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
මැස්සන් වසන ලද අපිරිසිදු ආහාර ගැනීම හේතුවෙන් බොහෝ දරුවන් රෝගාතුර වී මෙලෙස රෝහල්ගත කර තිබෙන බවයි ඔහු පවසන්නේ.
බඩේ කැක්කුම, උණ සන්නිපාතය, බඩඑළිය යෑම වැනි රෝග ලක්ෂණ ඇත්නම් එය පාචනය රෝග ලක්ෂණ බව ද හෙතෙම සඳහන් කරනවා.
එවැනි දරුවන්ට උණු කර නිවාගත් පිරිසිදු ජලය, බැදිහාල් කැඳ, දොඩම්, නාරං වැනි දේ ලබාදීම ඉතා සුදුසු බවයි ඔහු පවසන්නේ.
එසේම, අවුරුදු සමයේ මැස්සන් නිවෙස් තුළ බහුල වශයෙන් ආහාරවල වසන බවත් ඒවා ආහාරයට ගැනීම තුළින් බොහෝ දරුවන් රෝගාතුරව ඇති බවත් ඔහු සදහන් කරනවා.
Share This Article