"මාමේ, ණය ගන්න ඕනෑ නම් අත්සන් කරන්න" - මාමාගේ දේහය බැංකුවට ගෙනත් දුව ලක්ෂ 10 ක් ගන්න හදලා...
Friday, 19 April 2024 - 10:05 | Views - 411
බ්‍රසීලයේ රියෝ ඞී ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආසන්න) ණය මුදලක් ගැනීමට උත්සාහ කළ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට බ්‍රසීල පොලිසිය සමත් වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි එරිකා ඩී සෝසා නම් කාන්තාවකි.

ඇය බැංකුවට රැගෙන විත් ඇත්තේ 68 හැවිරිදි පවුලෝ රොබෙර්ටෝ නම් පුද්ගලයකු බවත් දෙදෙනා ඥාතීන් බවත් මූලික විමර්ශනවලදී හෙළි වූ බවත් බ්‍රසීල පොලිසිය ප්‍රකාශ කළේය.

එරිකා පවුලෝ රෝද පුටුවක තබා ගනිමින් රියෝ ඩී ජෙනෙයිරෝ බැංකුවට පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී පවුලෝගේ බෙල්ල පහළට කඩා වැටී ඇස් වැසී තිබීම හේතුවෙන් බැංකුවේ කාර්ය මණ්ඩලයට සැකයක් මතුව ඇති බවත් බ්‍රසීල පොලිසිය පැවැසුවේය.

ණය අයැදුම් කිරීමේ කවුන්ටරය වෙත පැමිණ “මාමේ, ණය ගන්න අත්සන් කරන්න. මට ඔයා වෙනුවෙන් අත්සන් කරන්න බෑ. ණය ගන්න ඕනෑ නම් අත්සන් කරන්න" යනුවෙන් එරිකා මළසිරුරට ප්‍රකාශ කර ඇතැයි බ්‍රසීල පොලිසිය සඳහන් කළේය.

එම අවස්ථාවේදී බැංකුවේ කාර්ය මණ්ඩලයට සැක සිතී හදිසි ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයිද ඒ අනුව, මෙම අත්අඩංගුවට ගැනීම කළ බව ද බ්‍රසීල පොලිසිය පැවැසුවේය. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top