"මගේ රත්තරන් පුතේ.... ඇයි පුතේ මාව මතක් වුණේ නැත්තේ..." පාලිතගේ අම්මා කියන සංවේදි කතාව..(Video)
Friday, 19 April 2024 - 9:10 | Views - 743
විදුලි සැර වැදීමකින් මියගිය හිටපු නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම සිය මතුගම, යටදොළ වත්ත ඉඩමේ ඔහු විසින්ම තැනු නිසල සෙවණ සිට තෙපලුවදන් බොහෝ දෙනකුගේ නෙතට කඳුළක් එක් කරන හදවතට දැඩි කම්පනයක් ගෙන දෙන්නක් බවට පත්වී තිබෙනවා.

ඔහුගේ මරණය සැලවී මතුගම, යටදොළ වත්ත නිවසට, ඔහුට අවසන් ගෞරව දක්වන්නට ඊයේ(18) රාත්‍රී වනවිටත් ඔහුට ආදරය කළ අතිවිශාල ජනතාවක් ඇදී එමින් තිබුණා.

මීට අමතරව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු ද, ප්‍රාදේශීය දේශපාලනඥයෝ ද ඔහුට අවසන් ගෞරව දක්වන්නට පැමිණ සිටියා.

ඔහුට ආදරය කළ ජනතාව “පාලිත අයියේ, ඇයි ඔයා මේ හදිසියේම අපිව දාලා ගියේ. ඔයා නැතිව ගමම පාළුයි…” යැයි කියමින් හඬා වැළපෙන්නට වුණා.

ඔහු අවසන් ගමන් යෑමට , ඔහු විසින් තැනූ නිසල නිවහන සිට එදා කළ කතාව මෙසේය.

“මම යාථාර්ථය තේරුම් ගත්ත මිනිහෙක්. ඒ යථාර්ථය තේරුම් ගත්ත නිසා තමයි මම මැරෙන දවසෙ කාටවත් කරදරයක් නැතිව පැය 24ක් ඇතුළත මගේ මැරුණු දේහය බූරු ඇඳක තියාගෙන ඇවිත් මේ මම හදපු නිසල නිවහනට අරගෙන ඇවිත් දාලා වහන්න කියල කියන්නේ. අපේ මරණය කොයි වෙලේ වෙයිද දන්නේ නැහැ. අපි අරන් යන්නේ කරපු හොඳ නරක විතරයි. මම මගේ පුතා නැති වුණු දවසේ ඉඳලම මම පිනට දහමට බර වුණා. මගේ තනියට පුතා ඇති.

“දේශපාලනයෙන් මං සතපහක දෙයක් හම්බකරගෙන නැහැ. සංස්කෘතික අමාත්‍යාංශයෙන් මට දීපු ඩිස්කවරි වාහනයවත් මම අරගෙන නැහැ. මම කිව්වා ඒ වාහනය කලාකරුවන්ගේ යහපත වෙනුවෙන් යොදවන්න කියලා. රට වට කර ගෙන මිනිස්සු මා වටා ඉන්නවා. මං කිසිකෙනෙකුට බරක් නැතිව ජීවත් වෙච්ච කෙනෙක්.

පරිසරයට ආදරය කරන මිනිහෙක් හැටියට මගේ අවසාන ගමන මම ලෑස්ති කරලයි තියෙන්නේ. ඒ මම හදපු මගේ නිසල නිවහනේ. මම සිංදුවකුත් හදා ගත්තා කියන්න.''

ඔහු මිය යන විට 64 වැනි වියේ පසුවිය. සිදුවූ සිද්ධිය ගැන විස්තර කළ ඒ ඔහුගේ ඥාතියෙක් මෙසේ පැවැසීය.

“පාලිත අයියා 16 වැනිදා සවස මතුගම, යටදොළ වත්තේ එයාගේ පුද්ගලික ඉඩමේ පොහොර වගයක් දාමින් වැඩ කරමින් ඉඳලා තියෙනවා. ලොරියකින් ඒ තැනට පොහොර බාමින් සේවකයෝ පිරිසක් කටයුතු කරමින් ඉඳලා තියෙනවා. මේ වෙලාවේ පාලිත අයියා විදුලිය සඳහා තැන්තැන්වලට ලයිට් දාමින් ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ බිම වැටී තිබූ වයරයකින් පාලිත අයියාට විදුලි සර වැදී තිබෙනවා. ඒ වෙලාවෙම පිරිස අයියව කළුතර රෝහලට අරගෙන ගිහින් තිබෙනවා. රෝහලේ සිටි වෛද්‍යවරුන් පාලිත අයියගේ ජීවිතය බේරා ගන්න විශාල උත්සාහයක් ගත්තා. ඒත් ඔහු අපිව දාලා ගියා.

“අපේ දෙමාපියෝ නැති වුණා වගේ. ගමේ රටේ මිනිසුන්ට පුදුම විදිහට උදව් උපකාර කළේ. ඔහු හම්බ කළේ මිල මුදල් නෙමෙයි. මිනිස්සු. රටේ මිනිස්සුත් එතුමාට පුදුම විදිහට ආදරය කළා.''

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස 2.00ට ඔහු විසින්ම තැනූ මතුගම යටදොළවත්ත නිසල සෙවණේ දී සිදු කිරීමට නියමිතයි. 

මේ අතර, ඔහුගේ මව තම පුතුගේ වියෝව දරා ගත නොහැකිව සිටින මොහොතක , ඇගේ දුක ඇගේ මුවින් පිටවුණේ මෙහෙමයි.. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top