සා/පෙළ විභාගයට යන සිසුන්ට විශේෂ දැනුම් දීමක්...
Wednesday, 17 April 2024 - 15:00 | Views - 660
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට හැකි අතර පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙනු ඇති.
එසේම, සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 6 වැනි දින ආරම්භ කිරීමට නියමිත වන අතර විභාගය මැයි 15 දින දක්වා පැවැත්වීමට නියමිතයි.
Share This Article