හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු - සිකුරාදා
Wednesday, 17 April 2024 - 14:37 | Views - 391
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා(19) පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කළා.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම විදුලිසැර වැදීමක් හේතුවන් කළුතර ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත් වූයේ ඊයේ පස්වරුවේ යි.
මිය යනවිට ඔහු 64 වැනි වියෙහි පසු වූණා.
Share This Article