සුරතල් සුනඛයින් ඉන්න ඔබටත් , සුබ ආරංචියක් මේක..
Wednesday, 17 April 2024 - 12:58 | Views - 317
සුරතල් සුනඛයින් ඉන්න ගොඩ දෙනෙක් මුහුණ දෙන ගැටලුවක් තමයි ගුවනින් ගමන් බිමන් යද්දි තමන්ගෙ සුරතලුන් ගුවනින් තමන් ළඟ රැගෙන යන්න බැරි එක.හැබැයි මේ හැම ගැටලුවක්ම ඉවර කරලා සාඩම්බරනීය ගුවන් ගමනකට ඔබේ සුරතල් සුනඛයාටත් හැකියාවක් තියෙනවා.BARK Air නමින් තමයි මේ ගුවන් ගමන ආරම්භ වෙන්නේ.“white paw service” ලෙස හඳුන්වන මෙම සේවාව මගින් ඔබේ සුරතලාට ඔබේ ළඟින්ම සුව පහසු ලෙස යන්න හැකියාව තියෙනවා.හැබැයි මේ සඳහා ඔබේ සුරතලාට සහ ඔබට ඩොලට්‍ර් 16000ක මුදලක් අය කරන බවටයි සඳහන් වෙන්නේ.මෙම සේවාව මැයි මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.


Share This Article