කාර්යාල දුම්රිය 6ක් අවලංගුයි !
Tuesday, 16 April 2024 - 8:44 | Views - 158
කාර්යාල දුම්රිය 6ක් අද (16) දිනයේ අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එන්ජින් රියදුරන් සහ ක්‍රියාකරුවන් නොමැතිකම හේතුවෙන්, මෙලෙස දුම්රියන් අවලංගු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර, උත්සව සමය වෙනුවෙන් ගම්බිම් කරා ගිය පිරිසට නැවත සේවා ස්ථාන සඳහා පැමිණීමට අතිරේක දුම්රිය සේවා අද දිනයේත් ක්‍රියාත්මක යි.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ කියා සිටියේ, අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළිත් කොළඹට පැමිණීමට අතිරේක දුම්රිය සේවා 14 වැනිදා සිට ආරම්භ කර ඇති බවයි.
Share This Article