අවදානම නැවතත්, තවත් මරණයක්..
Tuesday, 16 April 2024 - 8:22 | Views - 853
යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවගේ මරණයට හේතුව කොරෝනා රෝගය වැළදීම බව ඊයේ (15) නිගමනය වී තිබෙනවා.
යාපනයේ වඩුක්කෝඩෙයි අරාලි ප්‍රදේශයේ සිට ප්‍රංශයට ගොස් සිටි 62 මෙම හැවිරිදි කාන්තාව නිවාඩුවකට යළි මෙරටට පැමිණ සිටියදී ඇයට උණ රෝගය වැළදී ඇති බවයි වාර්තා වූයේ.
ප්‍රතිකාර සදහා ඇයව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබෙනවා.
ඇගේ මරණය සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේ පැවති පශ්චත් මරණ පරීක්ෂණයේදී ඇයට කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව, මියගිය කාන්තාවගේ ආදාහන කටයුතු යාපනයේ පොම්මාවේලී ප්‍රදේශයේ පිහිටි ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව ඇති අතර, ඇය ජීවත් වූ නිවසේ සාමාජිකයින් නිරෝධායනයට ලක්කොට තිබෙනවා.
මේ අතර සෞඛ්‍ය අංශ පවසන්නේ කොරෝනා නව ප්‍රභේදයක් ප්‍රදේශ කිහිපයක පැතිරයාමේ අවධානමක් පවතින බවයි.
Share This Article