එළවළු තොග මිල ගණන් පහළට
Thursday, 11 April 2024 - 14:17 | Views - 615
දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු තොග මිල ගණන් ශීඝ්‍රයෙන් අඩු වී තිබෙනවා.

ඒ අනුව එම මධ්‍යස්ථානවල එළවළු වර්ග රැසක කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 100ටත් අඩු බවයි වෙළෙඳුන් පවසන්නේ.

මේ දිනවල ගොවීන් එළවළු අස්වනු විශාල වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එමින් තිබෙනවා.

ඒ සමග එළවළු තොග මිල ශීඝ්‍ර ලෙස අඩු වී ඇති අතර වෙළෙඳුන් පවසන්නේ මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි.

මේ අතර නුවරඑළිය ප්‍රදේශයේ මහා පරිමාණ වගාබිම් සඳහා ප්‍රථම වතාවට ඩ්‍රෝන තාක්ෂණය හා නැනෝ තාක්ෂණය භාවිතා කරමින් දියර පොහොර සහ කෘමිනාශක ඉසීම ඊයේ ආරම්භ කෙරුණා.

අත්හදා බැලීමක් ලෙස ආරම්භ කළ මෙම ක්‍රමවේදය ඉතා සාර්ථක බවයි ගොවීන් පවසන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top