නිවැරදිම විදිහට හත් මාළුව හැදෙන්නේ මෙහෙමයි..
Thursday, 11 April 2024 - 12:11 | Views - 771
එදා අපේ ආහාර රටාව ගොඩක් වෙනස් වෙච්ච එකක්..

ඒ වගේමයි ඒ ආහාර වේලක් ඇතුළේ අවශ්‍ය වෙන ඔක්කොම වගේ පෝෂක කොටස් අන්තර්ගත වෙලා තිබුණා.. 

බත් සමඟ හත්මාළුව පෝෂණ සංකල්පයේ හොඳම ආහාර වේලක්... හත්මාළුව කියන්නේ අංග හතකින් යුත් සම්පූර්ණ ආහාරයක්... මෙය,

01. හොද්ද
02. ඇඹුල
03. මැල්ලුම
04. බැදුම
05. නියඹලාව
06. ගොඩමස්
07. දිය මස් 

හොද්ද

පැරණි සිංහලයෝ ආහාරයට පෙර හෝ ආහාර ගන්නා අතරේ හොද්දක් පානය කිරීමට පුරුදුව සිටියහ. මේ සඳහා ධාන්‍ය වර්ග ලෙස මුං ඇට, මෑ, උඳු, කොල්ලු ආදියත්, මැල්ල කොළ, මුරුංගා කොළ, ලබු දළු ආදී කොළ වර්ගත් එකතුකර ගත්හ. මෙයට සූදුරු, කොත්තමල්ලි, ගම්මිරිස් ආදී සරත්කු (කුළුබඩු) ද්‍රව්‍යයන් එකතු කරන ලදී. කෑමට පෙර ගැනීමෙන් ආහාර රුචියත්, ආහාර දිරවීමේ පහසුවත් ඇතිවිය. තැම්බුම් හොද්දත් මෙම හොද්ද ලෙස සකස් කර භාවිතයට ගත්හ. මස් හොද්ද ද මෙයට ඇතුළත් විය.

ඇඹුල

මෙය ඇඔුල් මාළුව ලෙස ද හඳුන්වනු ලැබීය. අල කොළ ඇඹුල, දියලබු, පුහුල්, කැකිරි වැනි එළවළු වලිනුත් ඇඹරැල්ලා, බිලිං, කාමරංකා වැනි දේත් මෙම ඇඹුල් මාළුවට අයත් වුණා. දියලබු, පුහුල්, කැකිරි, පිපිඤ්ඤා සකස් කිරීමේදී ගොරකා කැබැල්ලක් එකතු කරන ලදී. ඇඹුල්තියල් කරන ලද මාළු ද මෙයට අයත් විය.

නියඹලාව

සහල්, පොල්, ගම්මිරිස්, අබ, හීන්දුරු අඹරා එයට පුහුල්, කැකිරි, මුං ඇට, මෑ ඇට, කොල්ලු, මියන දළු, කැරම් දළු, මැඩ දළු, ගස්ලබු, කෙසෙල් බඩ ආදී ද්‍රව්‍ය වලින් එක් ද්‍රව්‍යයක් යොදා නියඹලාව සකසා ගනී.

කෙසෙල් බඩ නියඹලාව

• අළු කෙසෙල් බඩ කැබැල්ලක්
• පැසුණු ගස්ලබු ගෙඩි 01 ක්
• රතු ළූණු 15g ක්
• සුදුළූණු බික් 04 ක්
• හාල් මේස හැඳි 01 ක්
• උළුහාල් තේ හැඳි 01 ක්
• අබ, ගම්මිරිස් ස්වල්පයක්
• අමුමිරිස් කරල් 05 ක්
• ගා ගත් පොල් මේස හැඳි 01 ක්
• රම්පේ, කරපිංචා, කුරුඳු ස්වල්පයක්
• දියකිරි කෝප්ප 02 ක්
• මිටිකිරි කෝප්ප 01 ක්
• ලුණු අවශ්‍ය ප්‍රමාණයට
• කහ ස්වල්පයක්
• උම්බලකඩ කුඩු තේ හැඳි 02 යි

සාදන ක්‍රමය :-

අළු කෙසෙල් බඩය සෝදා සිහින්ව කපා ගන්න. ගස්ලබු ගෙඩිය පොතු හැර සිහින්ව කපා ගන්න. හාල්, පොල්, අබ, සුදුළූණු, ගම්මිරිස් සිහින්ව අඹරාගන්න. කපාගත් අළු කෙසෙල් බඩ හා ගස්ලබු භාජනයකට දමා අඹරා ගත් ද්‍රව්‍ය ටික එයට කලවම් කරන්න. දිය කිරි එකතු කර ලිප තබන්න. පසුව මිටි කිරි එකතු කරන්න. කිරි පැසුන පසු ලිපෙන් බාගන්න. මෙය අර්ශස්, මළ්බද්ධය වැනි අවස්ථා සඳහා ගුණ දේ. අන්ත්‍ර පිරිසිදු කරයි.

මැල්ලුම

මෙය ගමේ බත් පතේ විශේෂ අංගයකි. පොල් මැල්ලුම, කොස්, ගැට කොස්, අටු කොස්, දෙල් අටු කොස්, කෙසෙල් මුව, තිබ්බටු, පලා කොළ වර්ග, ළපටි ගස්ලබු, දිය බෙරලිය, දිය හබරල ආදිය මැල්ලුම් සකස් කිරීමේදී යොදා ගත්හ.

කෙසෙල් මුව මැල්ලුම

• කෙසෙල් මුව 01
• අවශ්‍ය ප්‍රමාණයට ගා ගත් පොල්
• රතුළූණු 20g ක් සුදු ලූණු බික් 02 ක්
• අමු මිරිස් කරල් කිහිපයක්
• කහ, ලුණු අවශ්‍ය පමණ
• උම්බලකඩ තේ හැඳි 01 ක්

සාදන ක්‍රමය :-

කෙසෙල් මුව සිහින්ව ලියා ගන්න. අනෙක් ද්‍රව්‍ය පොල් සමඟ අඹරා කෙසෙල් මුව සමඟ මිශ්‍රකර භාජනයක් ලිප තබා එයට දමා රත්කර ගන්න. හොඳින් මැලවුණු පසු ලිපෙන් බා දෙහි යුෂ එකතු කර කෑමට ගන්න.

බැදුම


බැදුම් වර්ග ආකාර 02 කි.

01. කබලේ බැදීම
02. තෙලේ බැදීම (තෙලට දැමීම, ගැඹුරු තෙලේ බැදීම)

කරකොළ, මුරුංගා කොළ, මැල්ල කොළ, අල වර්ග, ගෙඩි වර්ග, කොස් ඇට, තිබ්බටු, කෙසෙල් මුව, මස් හා මාළු වර්ගත් බැදුමක් ලෙස සකස් කර අපේ පැරැන්නන් ආහාරයට ගත්හ.

ගොඩමස්

දඩයම් කරගත් සතුන්ගේ මස් ද ඇතැම් අය විවිධ හතු වර්ග ද ගොඩමස් සේ ආහාරයට එකතු කර ගත්හ.


දියමස්

කරදිය හා මිරිදිය මාළු වර්ග විවිධ ආකාරයට සකස් කර ආහාරයට එකතු කළහ. මෙම හත්මාළුව අංග සම්පූර්ණ ආහාර වේලක් විය.

නවීන හත් මාළුව හැදෙන්නේ මෙන්න මෙහෙමයි.. ඒකට අවශ්‍ය වෙන්නේ,

01. කිරි කජු
02. කොස් ඇට
03. ලබු දළු හෝ වට්ටක්කා දළු
04. දඹල හෝ අවර
05. බතල හෝ ඉන්නල
06. තැල් කොළ හෝ කූරතම්පල, මුකුණුවැන්න
07. අළු කෙසෙල් හෝ මෝන්දම්

මේ සියල්ල එකට යොදා, කුළුබඩු පොල් කිරි යොදා ව්‍යාංජනයක් සේ සකස් කර ආහාරයට යොදාගන්න පුළුවන්...


..මුහුණුපොත ඇසුරෙන්.. 








Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
අනුජ් රණසිංහ කියන්නේ තරුණියන්ගේ නේත්‍රාකර්ෂණය දිනාගත්ත කලකරුවෙක්. ඔහු නිරූපණයෙන්...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top