ඔයාත් දැක්කද ? බලන්නකෝ , ඒ මල් වසන්තය.. (Photos)
Wednesday, 10 April 2024 - 10:25 | Views - 699
බැලු බැලූ මානයේ කහවන් පලසක් ඇතිරූ ආකාරයෙන් පිපී ඇති බළල් පහුරු නමැති පඬු පැහැ පුෂ්ප විශේෂයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය අලංකාරවත්ව පවතින අයුරු මේ දිනවල එහි පැමිණෙන අයට දැකගත හැකි වනවා.

Dolichandra unguis-Cati නම් උද්භිද විද්‍යා නාමයෙන් හැඳින්වෙන මෙම බළල් පහුරු ශාකයේ මල් පල දැරීම සෑම වසරකම මාර්තු මස මැද භාගයේ සිදුවන අතර ඉන් පසුව අප්‍රේල් මස මැද දක්වා පවතී.

පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ මෙන්ම, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යාන පරිශ්‍රයන්හිද විශාල වශයෙන් වර්ධනය වී ඇති මෙම ශාකයන්හි පිපෙන මල් මුළුමනින්ම ඉතා දීප්තිමත් පඬුවන් පැහැයෙන් යුක්තය.

මෙම ඉතා අලංකාර මල් පිපෙනා ශාකය විශාල වැලක් ආකාරයෙන් පැතිරෙන අතර එම වැල් මීටර් 30කටත් වඩා ඉහළට ගමන් කරමින් දස දෙස පැතිරේ. ඉන් පසු මල් වැල් ආකාරයෙන් පහතට එල්ලා වැටෙමින් මනස්කාන්ත දර්ශනයක් මවන මෙම බළල් පහුරු මල් යාය නැරැඹීම සඳහාද විශාල පිරිසක් පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය කරා නිතිපතා පැමිණෙයි.










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top