අලුත් අවුරුද්දට පරිස්සමෙන් , වස විසෙන් ඉදවන කෙසෙල් ගැන හෙළිදරව්වක්.. (Video)
Wednesday, 10 April 2024 - 9:29 | Views - 798
දැඩි ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද, තමන්ට හැකි පමණින් අලුත් අවුරුද්ද සැමරීමට බොහෝ දෙනා මේ වනවිට සූදානම් වෙමින් සිටිනවා.

අවුරුදු කැවිලිවල මිල අහස උසට ගොස් ඇති පසුබිමක පවා කෙසෙල් වැනි පළතුරු අවුරුදු මේසයට එක්කර ගැනීමට ජනතාව අමතක කරන්නේ නැහැ.

ඒ ජනතාවට වෙළෙඳුන් ලබාදෙන්නේ ගුණාත්මක බවින් යුතු ආහාර ද්‍රව්‍ය ද ?

අද CIA වෙන්වන්නේ ඒ පිළිබඳ විමසා බැලීම සඳහායි.

කෝලි කුට්ටු,ආනමාළු,ඇඹුල් ඇතුලු කෙසෙල් වර්ග අලුත් අවුරුදු මේසය සරසන්නට අත්‍යාවශ්‍යම පළතුරක්.

ඒ අනුව අවුරුදු සමයේ කෙසෙල් ඉල්ලුම ද සීඝ්‍ර ලෙස ඉහළ යන අතර වෙනදා පැවති මිල ගණන්වලට සාපේක්ෂව වැඩි මිලක් ද කෙසෙල් සඳහා නියම වන්නේ එවන් පසුබිමක් තුලයි.

ලඟ ලඟ එන අළුත් අවුරුද්ද සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පාරිභෝගියන්ට අත්‍යවශ්‍ය වන කෙසෙල් තොග මේ දිනවල පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ වෙත ලොරි පිටින් ගෙන එන්නේ මෙලෙසයි.

බැලූ බැල්මටම ඒවා ආහාරයට ගැනීමට සුදුසු පරිදි ඉදුණු කෙසෙල් බවට පත් වීමට නම් තවත් සති ගණනක් ගත වනු ඇති.

නමුත් මෙම අමු කෙසෙල් ලොරි රථයෙන් ගොඩ බෑමත් සමගම ඒවාට විස රසානික යොදා කෘත්‍රිමව ඉදවන බවයි හිරු සී.අයි.ඒ.කළ සොයාබැලීමේදී හෙළිවුණේ.

පෑලියගොඩ මැණිං වෙළඳපොළේ තොග වෙළෙඳුන් කෙසෙල් කැන් පිටින් කෘත්‍රිමව ඉදවීම සදහා රසායනික ද්‍රව්‍යවලින් පොඟවන්නේ මෙලෙසයි.

රෝහලක නේවාසික රෝගීන් පිරිසකට කෙසෙල් ලබාදීමට අවශ්‍ය බැවින් ඒ සදහා සුදුසු කෙසෙල් ලබාදෙන ලෙස අප ඉල්ලා සිටි අවස්ථාවේ ද මෙම වෙළෙඳුන් ප්‍රකාශ කලේ රෝගීන්ට ලබාදීමට ඇත්තේ ද රසායනික ද්‍රව්‍ය යෙදු කෙසෙල් පමණක් බවයි.

මෙලෙස රසායනික ද්‍රව්‍ය යොදා ඉදවන කෙසෙල් ශරීර සෞඛ්‍යයට එල්ල කරන්නේ කවරාකාර බලපෑමක්ද?්‍ 

කෙසෙල් ඉදවීම සදහා සුදුසු වෙනත් ස්වභාවික ක්‍රමවේද ඔනෑතරම් තිබියදී මෙලෙස කූට වෙළදුන් ජනතාවට ප්‍රසිද්ධියේ වස කැවීමට පෙළඹීම කණගාටුවට කරුණක් රටේ ජනතාවට වින කටින මෙවැනි කූට වෙළඳුන් වැටලීමට මහජන බදු මුදලින් වැටුප් ලබන නීතිය ක්‍රියාත්මක කළ හැකි වගකිව යුතු ආයතන රැසක්ම මෙරට ක්‍රියාත්මකයි.

එහෙත්, ඔවුන්ද නෑසූ කන් ව සිටින පසුබිමක ජනතාවට සිදුව ඇත්තේ සුබ නැකතට පවා වස විස පමනක්ම අනුභව කිරීමටයි.

මෙම අනාවරණයෙන් පසුව හෝ එළිපිටම ජනතාවට වස කවන මෙවැනි ජාවාරම් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු බලධාරීන්ගේ ඇස් විවර වන්නේ දැයි හිරු සී.අයි.ඒ.අවධානයෙන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top