රාමසාන් දිනය අදයි !
Wednesday, 10 April 2024 - 7:08 | Views - 246
රාමසාන් උපවාසය අවසන් කරමින් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සහ උත්සවශ්‍රීයෙන් සමරන රාමසාන් දිනය අදයි.

ඊයේ රාත්‍රීයේ නව සඳ දර්ශනය වීමත් සමඟ අද රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළා.

රාමසාන් උත්සවය යනු ඉස්ලාම් බැතිමතුන්ගේ වැදගත් ම වන උත්සව අවස්ථාවක් වන අතර ඉස්ලාම් බැතිමතුන් නිරාහාරව සිටීම, ස්වයං විනය පුහුණු කිරීම සහ යාච්ඤා කිරීමේ ශුද්ධ මාසයකි.

ශුද්ධ වූ අල් කුරානය අල්ලා දෙවියන් විසින් ලබා දුන් ලියිනතූර් කත්‍රී නැමති ශුද්ධ වූ රාත්‍රියක් ලැබුණු මාසය ලෙසයි රාමසාන් මාසය හැදින්වෙන්නේ.

නිරාහාරය ඉස්ලාමයේ මූලික මූලධර්ම පහෙන් එකක් වන අතර රාමසාන් සමයේ සෑම දිනකම ඉස්ලාම් බැතිමතුන් හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා ආහාර ගැනීමෙන් වැළකී සිටිනු ලබනවා.

ඉස්ලාම් බැතිමතුන් පවුලේ අය සහ මිතුරන් සමඟ ආහාර බෙදා ගැනීමෙන් ඔවුන්ගේ දෛනික උපවාසය අත්හරින අතර රාමදාන් අවසානය සමරනු ලබන්නේ ඉස්ලාමයේ ප්‍රධාන නිවාඩු දිනයක් වන ඊද් අල්-ෆිතර් නමින් දින උත්සවයක් සමරමිනි.

රාමසාන් සැමවිටම මාස 12 ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මාසයට අයත් වෙනවා.

එමෙන්ම අද ආගමික වතාවත් පැවැත්වෙන ඉස්ලාම් පල්ලි හඳුනාගෙන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top