අවුරුදු ක්‍රීඩා නාමයන්, වෙනස් වෙයි
Tuesday, 09 April 2024 - 10:37 | Views - 881
මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හි දී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේ, '' ස්ථාවර රටකට සැවොම එක මඟකට '' යන නමින් ඊයේ (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව‍ද ඔහු සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

මෙම වසරේ අවසන් කාර්තුවෙන් පසු මෙරට ආර්ථික සංකෝචනය අඩු වී 2024 වසරේදී ධන ආර්ථිකයකට යොමු වීමේ හැකියාවක් අපට ලැබී තිබෙනවා. පාරිභෝගිකයාට දරා ගත නොහැකිවූ ජීවන වියදමට විසඳුම් ලබා දීම අපේ ආර්ථික වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණක් වුණා. නමුත් ඉකුත් වසරට සාපේක්ෂ්ව ජනතාව මෙවර සුපුරුදු පරිදි අලුත් අවුරුදු සැමරීම වෙනුවෙන් තම දෛනික කටයුතුවල නිරත වෙමින් සිටිනවා. එමෙන්ම මෙම වසරේ අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එහිදි විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම” යන විශේෂාංග මේ වන විට සමාජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය අප අමාත්‍යාංශය විසින් ද පිළිගෙන තිබෙනවා. ඒ වෙනුවට “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” යන නම් යොදන ලෙස සංවිධායකයින් දැනුවත් කර තිබෙනවා. එමඟින් අප බලාපොරොත්තු වන්නේ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීමයි. ඒ වගේම සියලුම අවුරුදු උත්සව සඳහා ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ද අප විසින් සංවිධානය කර තිබෙනවා.

මෙරට සංචාරක කර්මාන්තය පසුගිය සමයේ කඩා වැටීමට ලක්ව තිබුණා. නමුත් ජනාධිපතිතුමාගේ නව වැඩපිළිවෙලට අනුව මෙම වසරේ අද දක්වා කාලය තුළ සංචාරකයින් 635,784 ක් දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1025ක් උපයා තිබෙනවා.

සියළුම අමාත්‍යංශ විසින් සමාජය සවිබල ගැන්වීමේ වැඩසටහන් දියත් කර තිබෙනවා. එමඟින් පවුල් 10,000ක් සඳහා ගම් කුකුළු නිෂ්පාදන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. එම වැඩසටහන මැයි මාසයේ ආරම්භ කිරීමට ආදාළ සියළු කටයුතු සූදානම් බව ද පැවසිය යුතුයි. ඒ සඳහා ණය සහ ආධාර ලබා දීමට ද නියමිතයි. තේ වගාව වෙනුවෙන් පවුල් 14,000ක් සඳහා තේ පැල ලබාදීමට ද අප කටයුතු යොදා තිබෙනවා.

ඒ වගේම අස්වැසුමලාභීන් වෙනුවෙන් තේ පැල නොමිලේ ලබාදීමට කටයුතු කරනවා. 36%ක්ව පැවති පොලී අනුපාතය අඩුකරමින් 12%ක් වශයෙන් සහන ණය ලබාදීමට කටයුතු කරනවා. එමෙන්ම කාන්තා “ලිය සවිය” වැඩසටහනට සමගාමීව 12% පොලී අනුපාතය යටතේ ඕනෑම නිෂ්පාදනයක් වෙනුවෙන් සහන ණය ලබාදීම, මැයි මාසයේ සිට ආරම්භ කරනවා."
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top