රාමසාන් උත්සවයට - විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
Tuesday, 09 April 2024 - 10:05 | Views - 297
එළඹෙන 11 වෙනිදාට යෙදෙන රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි සඳහා ආරක්ෂාවට, පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත පොලිස් නිළධාරීන් 5,580ක්, පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් 510ක් සහ ත්‍රිවිධ හමුදා භටයන් 1,260 දෙනෙකු මෙම ආරක්ෂක වැඩපිළිවෙලට යෙදවීමටයි පියවර ගෙන තිබෙනවා.
එසේම, සෑම පොලිස් වසමකම මුස්ලිම් පල්ලිවල මව්ලවිතුමන්ලා හමුවී එහි ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන අතර, ඒ යටතේ දේව මෙහෙයන් පැවැත්වෙන පල්ලි 2,453 ක ආරක්ෂාව තහවුරු කර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
Share This Article